ධවල මන්දිරයේ තනතුරකට ට්‍රම්ප් ලාබාල සුරූපී තරුණියක් පත් කරයි.. අමෙරිකානු ඉතිහාසයත් අලුත් වෙයි..(PHOTOS)
ඩොනල්ඩ් ට්‍රම්ප් අමෙරිකානු නව ජනාධිපතිවරයා ලෙස තේරී පත්වු පසුබිමක ඔහු විසින් ධවල මන්දිර මාධ්‍ය ලේකම් ධූරය සඳහා නව පත් කිරිමක් සිදුකර තිබෙනවා.
එම තනතුර සඳහා 27 හැවිරිදි කැරොලින් ලීවිට් පත් කර ඇත.
ඒ අනුව අමෙරිකානු ඉතිහාසයේ ධවල මන්දිර මාධ්‍ය ලේකම් ධූරයට පත් කළ ළාබාලම කාන්තාව ඇය වන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.
දක්ෂ සන්නිවේදන හැකියාවක් සහිත කැරොලීන් දැඩි කැපවීමකින් ධුරයේ කටයුතු සිදුකරනු ඇති බවට තමා අපේක්ෂා කරන බව ට්‍රම්ප් නව පත්කිරීම සිදුකරමින් සඳහන් කර තිබෙනවා.
කෙසේ වෙතත්, සන්නිවේදන හා දේශපාලන විද්‍යාව හදාරන්නියක වන කැරොලින් ලීවිට් ට්‍රම්ප් ජනාධිපති ධුරය දැරූ 2019 වසරේ දී ද ධවල මන්දිරයේ මාධ්‍ය කාර්යාලයට අනුයුක්තව සේවය කර තිබෙනවා.