2024 මහ මැතිවරණයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය.
2024 මහ මැතිවරණය සමස්ත ඡන්ද ප්‍රතිඵලය
2024 පාර්ලිමේන්තු මැතිවරණයේ සමස්ත ප්‍රතිඵලය මේ වන විට නිකුත් වී අවසන්.
ඒ අනුව ලබා ගත් ඡන්ද සංඛ්‍යාව සම්පුර්ණයෙන් පහත පරිදි වේ.
⭕ ජාතික ජන බලවේගය 6,863,186 (61.56 %)
ආසන 141
ජාතික ලැයිස්තු 18
සම්පුර්ණ ගණන 159
⭕ සමගි ජන බලවේගය 1,968,716 ( 17.66%)
ආසන 35
ජාතික ලැයිස්තු 05
සම්පුර්ණ ගණන 40
⭕ ඉලංකෙයි තමිල් අරසු කච්චි 257,813 (2.31%)
ආසන 07
ජාතික ලැයිස්තු 01
සම්පුර්ණ ගණන 08
⭕ නව ප්රජාතන්ත්රවාදී පෙරමුණ 500,835 (4.49 %)
ආසන 03
ජාතික ලැයිස්තු 02
සම්පුර්ණ ගණන 05
⭕ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 350,429 (3.14 %)
ආසන 02
ජාතික ලැයිස්තු 01
සම්පුර්ණ ගණන 03
⭕ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය 87,038 (0.78% )
ආසන 02
ජාතික ලැයිස්තු 01
සම්පුර්ණ ගණන 03
ගම්පහ දිස්ත්‍රික්කය
ගම්පහ දිස්ත්‍රික්කයේ මන්ත්‍රී ආසන 19න් මන්ත්‍රී ආසන 16ක්ම හිමිව ඇත්තේ ජාතික ජනබලවේගයට ය. සමගි ජනබලවේගයට ගම්පහ දිස්ත්‍රික්කයෙන් මන්ත්‍රී ආසන 3ක් හිමිව තිබේ.
කොළඹ දිස්ත්‍රික්කය
කොළඹ දිස්ත්‍රික්කයෙන් ජාතික ජනබලවේගයට මන්ත්‍රී ආසන 14ක් හිමිවූ අතර සමගි ජනබලවේගයට මන්ත්‍රී ආසන 4ක් හිමිවිය.
කළුතර දිස්ත්‍රික්කය
කළුතර දිස්ත්‍රික්කයේ මන්ත්‍රී ආසන 11න් මන්ත්‍රී ආසන 8ක්ම හිමිකර ගැනීමට සමත්ව ඇත්තේ ජාතික ජනබලවේගය යි.සමගි ජන බලවේගය මන්ත්‍රී ආසන 2ක් හිමිකර ගෙන ඇති අතර නව ප්රජාතන්ත්රවාදී පෙරමුණ එක් මන්ත්‍රී ආසනයක් හිමිකර ගෙන තිබුණි.
ගාල්ල දිස්ත්‍රික්කය
ගාල්ල දිස්ත්‍රික්කයේ මන්ත්‍රී ආසන 9න් 7ක්ම ජාතික ජන බලවේගය හිමිකර ගැනීමට සමත් වු අතර සමගි ජන බලවේගය සහ ශ්‍රී ලංකා පොදු පෙරමුණ එක් මන්ත්‍රී ආසනය බැගින් හිමිකර ගත්තේය.
මාතර දිස්ත්‍රික්කය
මාතර දිස්ත්‍රික්කයේ මන්ත්‍රී ආසන 7න් 6ක බලය ජාතික ජන බලවේගයට හිමිවුණි. සමගි ජන බලවේගයට එක් මන්ත්‍රී ධුරයක් මාතර දිස්ත්‍රික්කයෙන් හිමිව තිබුණි.
හම්බන්තොට දිස්ත්‍රික්කය
හම්බන්තොට දිස්ත්‍රික්කයේ මන්ත්‍රී ආසන 5ක් ජාතික ජන බලවේගයට හිමිවූ අතර සමගි ජන බලවේගයට සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට එක් මන්ත්‍රී ධුරයක් හිමිවිය.
රත්නපුර දිස්ත්‍රික්කය
රත්නපුර දිස්ත්‍රික්කයේ මන්ත්‍රී ආසන 11න් 8ක්ම හිමිකර ගැනීමට ජාතික ජන බලවේගය සමත්ව තිබේ. සමගි ජන බලවේගයට ද මන්ත්‍රී ආසන 3ක් හිමිවිය.
කෑගල්ල දිස්ත්‍රික්කය
කෑගල්ල දිස්ත්‍රික්කයේ ජාතික ජන බලවේගයට මන්ත්‍රී ආසන 7ක් හිමිවූ අතර සමගි ජන බලවේගයට මන්ත්‍රී ආසන 2ක් හිමිව තිබුණි.
බදුල්ල දිස්ත්‍රික්කය
බදුල්ල දිස්ත්‍රික්කයේ මන්ත්‍රී ආසන 9න් 6ක් හිමිකර ගැනීමට සමත්ව ඇත්තේ ජාතික ජන බලවේගය යි. සමගි ජන බලවේගයට මන්ත්‍රී ආසන 2ක් සහ නව ප්රජාතන්ත්රවාදී පෙරමුණට එක් මන්ත්‍රී ආසනයක් බැගින් හිමිව තිබේ.
පුත්තලම දිස්ත්‍රික්කය
පුත්තලම දිස්ත්‍රික්කයේ මන්ත්‍රී ආසන 8න් 6ක් හිමිකර ගැනීමට ජාතික ජන බලවේගය සමත් වු අතර ආසන 2ක් සමගි ජන බලවේගයට හිමිවුණි.
කුරුණෑගල දිස්ත්‍රික්කය
කුරුණෑගල දිස්ත්‍රික්කයේ මන්ත්‍රී ආසන 15න් 12ක්ම ජයග්‍රහණය කිරීමට ජාතික ජන බලවේගයට හැකියාව ලැබුණි. සමගි ජන බලවේගයට කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් හිමිව ඇති මන්ත්‍රී ආසන සංඛ්‍යාව 3කි.
අනුරාධපුර දිස්ත්‍රික්කය
අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් ජාතික ජන බලවේගයට මන්ත්‍රී ආසන 7ක් හිමිව ඇති අතර සමගි ජනබලවේගයට මන්ත්‍රී ආසන 2ක් හිමිවුණි.
මහනුවර දිස්ත්‍රික්කය
මහනුවර දිස්ත්‍රික්කයෙන් ජාතික ජන බලවේගය මන්ත්‍රී ආසන 9ක් හිමිකර ගැනිමට සමත්ව තිබේ. සමගි ජන බලවේගයට මන්ත්‍රී ආසන 2ක් සහ නව ප්රජාතන්ත්රවාදී පෙරමුණට එක් මන්ත්‍රී ආසනයක් මහනුවර දිස්ත්‍රික්කයෙන් හිමිවිය.
මාතලේ දිස්ත්‍රික්කය
මාතලේ දිස්ත්‍රික්කයේ මන්ත්‍රී ආසන 5න් 4ක් හිමිකර ගැනීමට ජාතික ජන බලවේගය සමත් වු අතර සමගි ජන බලවේගයට එක් මන්ත්‍රී ආසනයක් හිමිව තිබේ.
නුවරඑළිය දිස්ත්‍රික්කය
නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් ජාතික ජනබලවේගය මන්ත්‍රී ආසන 5ක් හිමිකර ගැනීමට සමත්විය. සමගි ජන බලවේගයට මන්ත්‍රී ආසන 2ක් සහ එක්සත් ජාතික පක්ෂයට එක් මන්ත්‍රී ආසනයක් නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් හිමිව තිබුණි.
ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය
ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙන් ජාතික ජන බලවේගයට මන්ත්‍රී ධුර 2ක් ද සමගි ජන බලවේගයට එක් මන්ත්‍රී ධුරයක් ද, ඉලංකෙයි තමිල් අරසු පක්ෂයට එක් මන්ත්‍රී ධුරයක් ද හිමිව තිබුණි.
මඩකලපුව දිස්ත්‍රික්කය
මඩකලපුව දිස්ත්‍රික්කයේ මන්ත්‍රී ආසන 5න් 3ක් ජයග්‍රහණය කිරීමට ඉලංකෙයි තමිල් අරසු පක්ෂය සමත් වු අතර ජාතික ජන බලවේගයට එක් මන්ත්‍රී ධුරයක් සහ ශ්‍රී ලංකා මුස්ලිම් කෙංග්රසයට එක් මන්ත්‍රී ධුරයක් හිමිවිය.
පොළොන්නරුව දිස්ත්‍රික්කය
පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මන්ත්‍රී ආසන 5න් 4ක්ම ජය ගැනීමට ජාතික ජන බලවේගය සමත්ව විය. සමගි ජන බලවේගයට පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් එක් මන්ත්‍රී ධුරයක් හිමිවුණි.
වන්නි දිස්ත්‍රික්කය
වන්නි දිස්ත්‍රික්කයේ මන්ත්‍රී ආසන 6න් 2ක් හිමිකර ගැනීමට ජාතික ජන බලවේගය සමත්වු අතර සමගි ජන බලවේගය එක් මන්ත්‍රී ධුරයක් ද, ඉලංකෙයි තමිල් අරසු පක්ෂයට එක් මන්ත්‍රී ධුරයක් ද හිමිව තිබේ.ශ්‍රී ලංකා කම්කරු පක්ෂයට එක් මන්ත්‍රී ධුරයක් සහ ප්රජාතන්ත්රවාදී දෙමළ ජාතික සන්ධානයට එක් මන්ත්‍රි ධුරයක් ද වන්නි දිස්ත්‍රික්කයෙන් හිමිවුණා.
යාපනය දිස්ත්‍රික්කය
යාපනය දිස්ත්‍රික්කයෙන් ද මන්ත්‍රී ධුර 3ක් හිමිකර ගැනීමට ජාතික ජන බලවේගය සමත්වු අතර ඉලංකෙයි තමිල් අරසු පක්ෂය එක් මන්ත්‍රී ධුරයක් ද හිමිකර ගත්තේය. ස්වාධීන කණ්ඩායම් අංක 17ට යාපනය දිස්ත්‍රික්කයෙන් එක් මන්ත්‍රී ධුරයක් සහ සමස්ත ලංකා දෙමළ කොංග්‍රසයට එක් මන්ත්‍රී ධුරයක් හිමිවිය.
දිගාමඩුල්ල දිස්ත්‍රික්කය
දිගාමඩුල්ල දිස්ත්‍රික්කයෙන් ජාතික ජන බලවේගය පක්ෂයට ආසන 4ක් හිමිවු අතර ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයට, සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසය සහ ඉලකෙයි තමිල් අරසු යන පක්ෂ එක් ආසනය බැගින් හිමිකර ගෙන තිබේ.
මොණරාගල දිස්ත්‍රික්කය
මොණරාගල දිස්ත්‍රික්කයේ ජාතික ජන බලවේගයට මන්ත්‍රී ආසන5 ක් හිමිවූ අතර සමගි ජන බලවේගයට එක් මන්ත්‍රී ආසනයක් හිමිව තිබුණි.
-
NPP 6863186 | 159 Seats
Jathika Jana Balawegaya
61.56% -
SJB 1968716 | 40 Seats
Samagi Jana Balawegaya
17.66% -
NDF 500835 | 5 Seats
New Democratic Front
4.49% -
SLPP 350429 | 3 Seats
Sri Lanka Podujana Peramuna
3.14% -
OTHERS 1464840 | 0 Seats
All Other Parties
13.14%