ඉතිහාසගතවන ජයග්‍රහණය පිටුපස සිටින සෑම අයෙකුටම සිය පක්ෂය වෙනුවෙන් ස්තූතිය.. ටිල්වින් සිල්වා මහතා මාධ්‍ය අමතමින්(VIDEO)

Sri Lanka Janatha Vimukthi Peramuna General Election 2024 National People's Power - NPP Tilvin silva
By Piyumika Nov 15, 2024 10:24 AM GMT
Piyumika

Piyumika

Report

සමානුපාතික මැතිවරණයක් යටතේ ඉතිහාසගත වන ජයග්‍රහණයක් බව ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පවසනවා.

ඔහු මේ බව පැවසුවේ අද (15) පැවැති ජාතික ජනබලවේගයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකදිය.

එහිදී ඔහු කියා සිටියේ ජයග්‍රහණයේ දේශපාලන අරමුණ තේරුම් ගත යුතු බවත් ජයග්‍රහණය වෙනුවෙන් කැප වු අය වෙනුවෙන් ස්තුතිය පල කරන බවයි.

බොරු ප්‍රචාරණවල නොරැවටි උතුරු ජනතාව ජාතිවාදය පැත්තකින් තියලා අපට ඡන්දය ලබා දීම පිළිබඳව විශේෂයෙන් ස්තුතිය පල කරන බව ඔහු කියා සිටියා.

ජනතාව අප සම්බන්ධයෙන් ලබා දුන් විශ්වාසය රැකගෙන ඉදිරියට කටයුතු කළ බව ඔහු මෙහිදී කියා සිටියා. ජනතාව ලබා දුන් තුනෙන් දෙකක බලයක් ලබා දුන්නේ අපි ඉල්ලු නොමැති අවස්ථාවකදී බවත් ජනතාව ඒ දුන් බහුතර බලය පරිස්සමින් ජනතාවගේ යහපත වෙනුවෙන් කැප කරන්නේ කෙසේ දැයි කියා අප කටයුතු කරන බව ටිල්වින් සිල්වා මෙහිදී කියා සිටියා.

ඒ දුන් බලය ජනතාවගේ සුබසිද්ධිය වෙනුවෙන් ජනතාවගේ විශ්වාසය ආරක්ෂා කරමින් කටයුතු කරන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා වැඩිදුරටත් කියා සිටියා.

 "අපිට ලැබුණ ජයග්‍රහණයේ බර අපි තේරුම් අරගනෙ ඉන්නේ. අපි කෙරෙහි ජනතාව ලොකු බලාපොරොත්තුවකින් ඉන්නේ. අපිට ඒක රකින්න වෙනවා. රටේ ප්‍රබල දේශපාලන පක්ෂ පරාජය කරලා තමයි අපිට මේ ජයග්‍රහණය ලැබුණේ. පැරණි දේශපාලනය අවසන්. පැරණි යුගය අවසන්. ජනතාව ඒ යුගය නිමා කළා. වරප්‍රසාද සහිත, පවුල් පාලනය සහිත ඒ දේශපාලනය දැන් ඉවරයි. පොදු ජනයා අපේ භාවිතය තේරුම් අරගෙන ලබාදුන්න ජයග්‍රහණයක් මේක..."

ReeCha