සියලුම අපේක්ෂකයන්ට මැතිවරණ කොමිසම කළ විශේෂ දැනුම්දීම මෙන්න..

Election Commission of Sri Lanka Election Latest Headlines Decision Making Sri Lanka General Election 2024
By krishani Nov 16, 2024 04:46 PM GMT
krishani

krishani

Report

මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.

ඒ මැතිවරණ ප්‍රතිඵල ප්‍රකාශයට පත්කිරීමෙන් පසුව දින 21ක කාලය තුළ මහ මැතිවරණයට තරග කළ සියලුම අපෙක්ෂකයන් සිය වියදම් වාර්තා මැතිවරණ කොමසාරිස් කාර්යාලය වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කළ යුතු බවයි.

එක්සත් ජාතික පක්ෂය හිටිහැටියේම රැස් වෙලා.. ගත් තීරණය මෙන්න..

එක්සත් ජාතික පක්ෂය හිටිහැටියේම රැස් වෙලා.. ගත් තීරණය මෙන්න..

ඒ මහතා මේ බව පැවසුවේ අද පස්වරුවේ (16) මැතිවරණ කොමසාරිස් කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක දී ය.

එහිදි ඔහු පැවසුවේ එම වියදම් වාර්තා ලබා නොදෙන අපේක්ෂකයන් සම්බන්ධයෙන් නියමිත කාලය අවසන් වූ පසු නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බවය.

මාලිමාව ලංකාවම හොල්ලයි.. මහ මැතිවරණයෙන් වැඩිම මනාප ගත් 5 දෙනා කවුද දන්නව ද?.

මාලිමාව ලංකාවම හොල්ලයි.. මහ මැතිවරණයෙන් වැඩිම මනාප ගත් 5 දෙනා කවුද දන්නව ද?.

එමෙන්ම, පසුගිය ජනාධිපතිවරණයට ඉදිරිපත් වී වියදම් වාර්තා ලබා නොදුන් අපේක්ෂකයන්ට එරෙහිව මේ වන විටත් නඩු පවරා ඇති බවත් ඒ අයුරින්ම වියදම් වාර්තා ලබානොදෙන මහමැතිවරණයේ අපේක්ෂකයන්ට ද එරෙහිව නඩු පැවරීමට කටයුතු කරන බව ඒ මහතා ප්‍රකාශ කළේය.

කෙසේ වෙතත්, වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ මෙවැන්නකී,

"මැතිවරණ ප්‍රතිඵල ප්‍රකාශයට පත්කරලා ඉවර වුණේ ඊයේ රාත්‍රියේ. තව දින 21ක කාලය තුළදී තරග කළ සියලුම අපේක්ෂකයින් වියදම් වාර්තා භාර දිය යුතුයි. ජාතික ලැයිස්තු අපේක්ෂකයින් වියදම් වාර්තා ප්‍රධාන කාර්යාලයට ලබාදිය යුතුයි. ඊට අමතරව සියලුම තරගකරුවන් තමන්ගේ දිස්ත්‍රික්කයේ තමන්ගේ නාම යෝජනා භාර දුන්න දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පිහිටි මැතිවරණ කොමසාරිස් කාර්යාලයේ දිස්ත්‍රික් කාර්යාලයට භාරදීමට කටයුතු කර යුතුයි. ජනාධිපතිවරණයේ භාරනොදුන් අය සඳහා මේ වන විටත් නඩු පවරලා තියෙන්නේ. ඒ ආකාරයෙන්ම මේ අයටත් අපි නඩු පවරනවා භාර නොදුන්නොත්. විශ්වාස කරනවා ඔබ සියලුම දෙනා රටේ පවත්නා නීතියට ගරු කරමින් ඔබට අදාළ ඒ සියලු වාර්තා නිෂ්චිත ඒ දිනවාකවානු තුළ නියමිත ස්ථානයට භාර දීමට කටයුතු කරයි කියලා.."

මේ අතර, ජාතික ලැයිස්තු අපේක්ෂකයන්ගේ නාම ලේඛන ද හැකි ඉක්මනින් ලබාදෙන ලෙස පක්ෂ ලේකම්වරුන්ට දැනුම් දුන් බවද මෙහිදී මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේ ය.

එමෙන්ම, ඒ මහතා පැවසුවේ නිදහස් හා සාමකාමී මැතිවරණයක් පැවතුන ද නීතිවිරෝධී කටයුතු සිදුකළ පුද්ගලයින් 11 දෙනෙකු අත්අඩංගුවට ගත් බවය.

Sri Lanka Parliamentary Election 2024

  • NPP 6863186 | 159 Seats
    Jathika Jana Balawegaya
    61.56%
  • SJB 1968716 | 40 Seats
    Samagi Jana Balawegaya
    17.66%
  • NDF 500835 | 5 Seats
    New Democratic Front
    4.49%
  • SLPP 350429 | 3 Seats
    Sri Lanka Podujana Peramuna
    3.14%
  • OTHERS 1464840 | 0 Seats
    All Other Parties
    13.14%
ReeCha