ඡන්දෙට ගෙදර ගිය අයටයි මෙන්න මේ දැනුම්දීම..
2024 පාර්ලිමේන්තු ඡන්ද විමසීම සදහා ගම් බිම් බලා ගිය ජනතාවට යළි කොළඹට පැමිණිම සදහා අතිරේක බස් රථ යොදවා තිබෙනවා.
ඒ බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සඳහන් කළේ ය.
ඒ අනුව එහි සභාපති රමල් සිරිවර්ධන මහතා කියා සිටියේ එම විශේෂ බස් රථ සේවා අනිද්දා දක්වාම ක්‍රියාත්මක බවයි.
මේ අතර, මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.
ඒ මැතිවරණ ප්‍රතිඵල ප්‍රකාශයට පත්කිරීමෙන් පසුව දින 21ක කාලය තුළ මහ මැතිවරණයට තරග කළ සියලුම අපෙක්ෂකයන් සිය වියදම් වාර්තා මැතිවරණ කොමසාරිස් කාර්යාලය වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කළ යුතු බවයි.
ඒ මහතා මේ බව පැවසුවේ අද පස්වරුවේ (16) මැතිවරණ කොමසාරිස් කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක දී ය.
ඒ සම්බන්ධයෙන් සම්පූර්ණ විස්තරය පහතින්,