ඒක එසේ මෙසේ ජයග්‍රහණයක් නෙමෙයි.. පරණ වාර්තා බිඳ හෙළමින්.. අලුත්ම වාර්තා රැසක් තැබූ මාලිමාව..

Parliament of Sri Lanka Anura Kumara Dissanayaka Parliament Election 2024 Sri Lanka General Election 2024 National People's Power - NPP
By krishani Nov 16, 2024 10:23 AM GMT
krishani

krishani

Report

2024 මහමැතිවරණයෙන් ජාතික ජන බලවේගය ඓතිහාසික ජයග්‍රහණයක් ලැබීය.

ඒ අනුව පක්ෂයක් මෙරට ඉතිහාසයේ මහමැතිවරණයක දී ලබාගත් වැඩිම ඡන්ද සංඛ්‍යාව වන 6,863,186ක් ලබාගැනීමට ජාතික ජන බලවේගයට හැකි විය.

මහමැතිවරණයකදි පක්ෂයක් ලබාගත් වැඩිම ඡන්ද ප්‍රතිශතය ද මෙය වේ.

එය 61.56%කි.

මීට පෙර මෙරට ඉතිහාසයේ වැඩිම ඡන්ද සංඛ්‍යාව වන 2020දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලබාගත් ඡන්ද 6,853,690 වාර්තාව බිඳ දමමින් ය.

අපේක්ෂකයෙක් තැබූ වැඩිම ඡන්ද වාර්තාව.. අගමැති හරිනි පසු කරමින්.. විජිත හේරත් තබයි.. ඒ මෙන්න මෙහෙමයි..

අපේක්ෂකයෙක් තැබූ වැඩිම ඡන්ද වාර්තාව.. අගමැති හරිනි පසු කරමින්.. විජිත හේරත් තබයි.. ඒ මෙන්න මෙහෙමයි..

2010දී එක්සත් ජනතා නිදහස් සන්ධානය විසින් 60.33% ක් වු වැඩිම ඡන්ද ප්‍රතිශතය වාර්තා කළේ ය.

එමෙන්ම මහමැතිවරණයක වැඩිම දිස්ත්‍රික්ක ගණනක් ජයග්‍රහණය කිරීමට ද මෙවර ජාතික ජන බලවේගයට හැකි විය.

ඒ මඩකලපුව දිස්ත්‍රික්කය හැර සෙසු මැතිවරණ දිස්ත්‍රික්ක 21ම ජයග්‍රහණය කරමින් ය.

මීට පෙර 2010දී එක්සත් ජනතා නිදහස් සන්ධානය දිස්ත්‍රික්ක 19ක් දිනාගනිමින් තැබු වාර්තාව ද ඒ අනුව බිඳ වැටෙනු ඇත.

එමෙන්ම, ජාතික ජන බලවේගය මෙවර මහමැතිවරණයකදි ජයගත් වැඩිම ඡන්ද කොට්ඨාශ ගණනේ වාර්තාව පිහිටුවීමට ද සමත් විය.

එය ඡන්ද කොට්ඨාස 152ක් වන අතර මීට පෙර 2010දී එක්සත් ජනතා නිදහස් සන්ධානය කොට්ඨාශ 136ක් හිමි කරගෙන තිබිණ.

2020දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආසන 128ක් දිනා ගනිමින් පිහිටුවා තිබු වාර්තාවද බිඳ දමමින් ජාතික ජන බලවේගය දිස්ත්‍රික් මට්ටමින් දිනාගත් වැඩිම ආසන ගණන වන ආසන 141ක් දිනා ගැනීමට මෙවර සමත් විය.

ඒ අනුව මහමැතිවරණයකදි වැඩිම ජාතික ලැයිස්තු ආසන ගණනක් හිමිවු පක්ෂය බවට ද ජාතික ජන බලවේගය ඉතිහාස ගත වේ.

මාලිමාව ලැබු විශිෂ්ට ජයග්‍රහණයත් එක්ක.. ජනපතිට ප්‍රබලයෙක්ගෙන් ආ සුබ පැතුම..

මාලිමාව ලැබු විශිෂ්ට ජයග්‍රහණයත් එක්ක.. ජනපතිට ප්‍රබලයෙක්ගෙන් ආ සුබ පැතුම..

එනම් ජාතික ලැයිස්තු ආසන 18ක් හිමි කරගනිමින් මීට පෙර 2020දී පොදුජන පෙරමුණ ලබාගත් ජාතික ලැයිස්තු ආසන 17 වාර්තාව ද බිඳ දමමින් ය.

ඒ අනුව 159ක් වන මහමැතිවරණයක ජයග්‍රහණය කළ වැඩිම ආසන ගණන ලබාගැනීමට ජාතික ජන බලවේගයට හැකියාව ලැබිණ.

2020දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හිමි වුයේ ආසන 145ක් පමණී.

කෙසේ වෙතත්, සමානුපාතික ක්‍රමය යටතේ පාර්ලිමේන්තුවේ ආසන 225න් 2/3ක් ආසන තනි පක්ෂයක් විසින් දිනාගත් පළමු අවස්ථාව ද මෙය වීම විශේෂත්වයක් වේ.

ReeCha