හෙට හවස 4 වෙනකම් බලපැවැත්වෙන පරිදී.. ගම්පහ ඇතුළු දිස්ත්‍රික්ක 5කට විශේෂ දැනුම්දීමක් මෙන්න..
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විශේෂ තීරණයක් ගෙන තිබෙනවා.
ඒ දිස්ත්‍රික්ක 5ක් වෙත පනවා ඇති නායයෑමේ අනතුරු ඇඟවීම හෙට(17) පස්වරු 4 දක්වා තවදුරටත් දීර්ඝ කිරීමටයි.
ඒ අනුව ගම්පහ කෑගල්ල, කුරුණෑගල, මාතලේ සහ මාතර යන දිස්ත්‍රික්කවල නායයෑමේ අවදානම් සහිත ප්‍රදේශ වෙත එම අනතුරු ඇඟවීම නිකුත් කර ඇත.
මේ අතර, ඉදිරි පැය 36 දී බස්නාහිර, මධ්‍යම, සබරගමුව, දකුණ ඌව සහ වයඹ පළාත් වලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ ය.