සජබයෙන් තරඟ කළ රෙහාන් ජයවික්‍රම විශේෂ සටහනක් තබයි.. පක්ෂ නායකවරයාටත් වහාම මේ ගැන යොමු කරලා..

Report

සමගි ජන බලවේගයේ වැලිගම සංවිධායක රෙහාන් ජයවික්‍රම සිය X පිටුවේ විශේෂ සටහනක් තබා ඇත.

ඒ තමන් ක්‍රියාකාරී දේශපාලනයෙන් මෙන්ම මාතර වැලිගම සංවිධායක ධුරයෙන්ද ඉල්ලා අස්වන බවයි.

එක්සත් ජාතික පක්ෂය හිටිහැටියේම රැස් වෙලා.. ගත් තීරණය මෙන්න..

එක්සත් ජාතික පක්ෂය හිටිහැටියේම රැස් වෙලා.. ගත් තීරණය මෙන්න..

ඔහු පැවසුවේ සිය ඉල්ලා අස්වීමේ ලිපිය පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වෙත යොමු කළ බවය.

දිගින් දිගටම සිදුවන මැතිවරණ පරාජයන් හමුවේ දේශපාලනයේ තමන් ඉතා දුෂ්කර ගමනක් පැමිණියත්, මෙතැන් සිට තම පවුල ගැන සිතීමට මෙන්ම ඔවුන් වෙනුවෙන් වැඩ කිරීමට කාලය එළැඹ ඇති බව තමන්ට හැඟෙන බවත් ඔහු සඳහන් කර තිබෙනවා.

එමෙන්ම, ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ මෙම තීරණය ඉතා පහසුවෙන් ගත් තීරණයක් නොවන නමුත් එය දැනට නිවැරදි තීරණයක් ලෙස හැගෙන බවයි.

මාලිමාව ලංකාවම හොල්ලයි.. මහ මැතිවරණයෙන් වැඩිම මනාප ගත් 5 දෙනා කවුද දන්නව ද?.

මාලිමාව ලංකාවම හොල්ලයි.. මහ මැතිවරණයෙන් වැඩිම මනාප ගත් 5 දෙනා කවුද දන්නව ද?.

ඔහු මින් පෙර වැලිගම නගර සභාවේ නගරාධිපති ලෙස කටයුතු කර තිබුණු අතර මෙවර පාර්ලිමේන්තු මැතිවරණය සඳහා මාතර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් තරග කළ නමුත් ඉන් පරාජයට පත් විය.