මැතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයන් ගැන හදිසියේම දැඩි තීරණයක්..!
මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසන්නේ, මැතිවරණ ප්‍රතිඵල ප්‍රකාශයට පත්කිරීමෙන් පසුව දින 21ක කාලය තුළ මහ මැතිවරණයට තරග කළ සියලුම අපෙක්ෂකයන් සිය වියදම් වාර්තා මැතිවරණ කොමසාරිස් කාර්යාලය වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කළයුතු බවයි.
අද පස්වරුවේ (16) මැතිවරණ කොමසාරිස් කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී, ඔහු මෙබව ප්‍රකාශශ කළා.
එම වියදම් වාර්තා ලබා නොදෙන අපේක්ෂකයන් සම්බන්ධයෙන් නියමිත කාලය අවසන් වූ පසු නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බවයි, එහිදි ඔහු වැඩිදුරටත් පැවසුවේ.
පසුගිය ජනාධිපතිවරණයට ඉදිරිපත් වී වියදම් වාර්තා ලබා නොදුන් අපේක්ෂකයන්ට එරෙහිව මේ වන විටත් නඩු පවරා ඇති බවත් ඒ අයුරින්ම වියදම් වාර්තා ලබානොදෙන මහමැතිවරණයේ අපේක්ෂකයන්ට ද එරෙහිව නඩු පැවරීමට කටයුතු කරන බව ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
"මැතිවරණ ප්‍රතිඵල ප්‍රකාශයට පත්කරලා ඉවර වුණේ ඊයේ රාත්‍රියේ. තව දින 21ක කාලය තුළදී තරග කළ සියලුම අපේක්ෂකයින් වියදම් වාර්තා භාර දිය යුතුයි. ජාතික ලැයිස්තු අපේක්ෂකයින් වියදම් වාර්තා ප්‍රධාන කාර්යාලයට ලබාදිය යුතුයි. ඊට අමතරව සියලුම තරගකරුවන් තමන්ගේ දිස්ත්‍රික්කයේ තමන්ගේ නාම යෝජනා භාර දුන්න දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පිහිටි මැතිවරණ කොමසාරිස් කාර්යාලයේ දිස්ත්‍රික් කාර්යාලයට භාරදීමට කටයුතු කර යුතුයි.
ජනාධිපතිවරණයේ භාරනොදුන් අය සඳහා මේ වන විටත් නඩු පවරලා තියෙන්නේ. ඒ ආකාරයෙන්ම මේ අයටත් අපි නඩු පවරනවා භාර නොදුන්නොත්. විශ්වාස කරනවා ඔබ සියලුම දෙනා රටේ පවත්නා නීතියට ගරු කරමින් ඔබට අදාළ ඒ සියලු වාර්තා නිෂ්චිත ඒ දිනවාකවානු තුළ නියමිත ස්ථානයට භාර දීමට කටයුතු කරයි කියලා."
ජාතික ලැයිස්තු අපේක්ෂකයන්ගේ නාම ලේඛන ද හැකි ඉක්මනින් ලබාදෙන ලෙස පක්ෂ ලේකම්වරුන්ට දැනුම් දුන් බවද මෙහිදී මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා පැවසුවේය. එමෙන්ම, ඔහු පැවසුවේ නිදහස් හා සාමකාමී මැතිවරණයක් පැවතුන ද නීතිවිරෝධී කටයුතු සිදුකළ පුද්ගලයින් 11 දෙනෙකු අත්අඩංගුවට ගත් බවය.
