වන අලියාව හෙල්මටයකින් රවටා දිවි බේරාගත් අපූරූ යතුරුපැදිකරු...(CCTV VIDEO)

By Sewvandhi Nov 10, 2024 01:36 PM GMT
Report

පසුගිය 08 වැනි දින අළුයම මහියංගනය මාපාකඩවැව, 20 කණුව ප්‍රදේශයේදී යතුරුපැදිකරුවෙක් පිටුපස වනඅලියෙක් පන්නන අයුරු අසල පිහිටි CCTV කැමරාවට පටිගතව තිබේ. 

එහිදී යතුරුපැදිකරු මාර්ගයේ වනඅලියා පැමිණෙන අයුරු දුටු විට කඩිනමින් මාර්ගය අසල පිහිටි වෙළෙඳසැළක් අසල යතුරුපැදිය නවතා ඉන් දිව ගොස් තිබේ.

එහිදී යතුරුපැදිකරු පසුපස වනඅලියා පැන්නූ පසු යතුරුපැදිකරු විසින් සිය හෙල්මටය ගලවා බිමට දමා දිවගොස් තිබුණි. එහිදී වනඅලියාගේ අවධානය ඒ වෙතට යොමුවීම හේතුවෙන් යතුරුපැදිකරු ජීවිතය බේරා ගැනීමට සමත්ව තිබේ.

එම සිද්ධිය අසල වූ වෙළඳසැළ තුළ වූ CCTV කැමරාවේ සටහන් වූයේ මෙලෙසිනි.