රජයේ ප්‍රසිද්ධ පාසලේ ගුරුවරියන් දෙදෙනෙක් එක්ව දැරියකට කළ අපරාධය - කුඩා දැරිය දැඩි සත්කාර ඒකකයේ..

Sri Lanka Police Investigation Crime School Incident Latest Headlines School Children
By Sewvandhi Aug 22, 2024 03:27 PM GMT
Sewvandhi

Sewvandhi

Report

රජයේ පාසල් ගුරුවරියන් දෙදෙනෙකු මිනි මැරීමට තැත් කිරීම, හා බරපතල ලෙස පහර දීම යන චෝදනා යටතේ වෙන්නප්පුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන මාරවිල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සැප්තැම්බර් මස 02 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබෙනවා.

දැරියකට බරපතල ලෙස පහර දීමේ සිදුවීමක් මුල් කර ගිනිමින්, අද 22 දහවල් මේ ගුරුවරියන් දෙදෙනා මාරවිල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළා.වෙන්නප්පුව ප්‍රධාන පෙලේ පාසලක ගුරුවරියන් දෙදෙනෙකු මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බවයි වාර්තා වන්නේ.

අදාළ දැරිය වන රවිෂා දිනිති 15 හැවිරිදි වියේ පසුවන අතර දැරිය මේ වන විට කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවයි වාර්තා වන්නේ. වෛද්‍යවරු පැවසුවේ ඇය මේ වන විට දින 13ක් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන අතර ඇගේ තත්වය බරපතල වන බවයි.

මේ ගුරුවරියක්, අතින් බරපතල ලෙස සිය දරුවාට පහර දී ඇති අතර පසුව තවත් ගුරුවරියක් කොස්සකින් පහර දී ගිනි අව්වේ දන ගස්වා ඇති බවයි, මේ දැරියගේ මව ප්‍රකාශ කර ඇත්තේ.

ඉන් අනතුරව මේ දැරිය ක්ලාන්තවී ඇති අතර එහිදී දැරිය උස්සගෙන විත් මේසයක් මත අත හැර ඇති බවද, මෙහිදී දැරියගේ ඔලුව මේසයක හැපී ඇති බවද ඇය වැඩිදුරටත් සඳහන් කළා.

මේ සිදුවීම සම්බන්ධයෙන් විධිමත් මුලික පරීක්ෂණයක් සිදු කිරීමෙන් අනතුරුව වෙන්නප්පුව මුලස්ථාන පොලිස් පරීක්ෂක තිළිණ හෙට්ටිආරච්චි විසින් මේ ගුරුවරියන් දෙදෙනා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

2009ට පෙර රියදුරු බලපත්‍රය ගත්තා නම් බලපත්‍රය අවලංගු කරනවා...මෝටර් රථ දෙපාර්තමේන්තුවෙන් හදිසි නිවේදනයක්..!

2009ට පෙර රියදුරු බලපත්‍රය ගත්තා නම් බලපත්‍රය අවලංගු කරනවා...මෝටර් රථ දෙපාර්තමේන්තුවෙන් හදිසි නිවේදනයක්..!