'' මීයෝ කැ‍රපොත්තෝ ඉන්න කුටියක සලේව හිර කරලා '' ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන් ගෙන් බරපතල චෝදනා

Report

සුරේස් සලේ යනු ත්‍රස්තවාද වැළැක්වීම සදහා මහන්සි වුණ වීරෝධාර සෙබළෙක් වග ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන් සදහන් කර තිබේ

උන්වහන්සේ තව දුරටත් සදහන් කරන්නේ මෙවන් අදහසක්

  ''  සුරේස්   සලේ   කියන්නේ යනු ත්‍රස්තවාද වැළැක්වීම සදහා මහන්සි වුණ වීරෝධාර සෙබළෙක්, එහෙම පුද්ගලයා දෛවයේ සරදමකින් අත් අඩංගුවට ගන්නවා අරගෙන එතුමාව රදවගන ඉන්නවා කුටියක. ඒ කුටිය තුළ මීයෝ කැ‍රපොත්තෝ ඉන්න ඉතා අපිරිසිදු තැනක් හැටියටයි අපි කවුරුත් දන්නේ ,මෙතුමාට තිබුණු රෝහල් ගත කරල නැවත එක්කගෙන යනවා. ඒ වගේම වෛද්‍යවරයා ඉල්ලීමක් කරනවා එතුමාට කොට්ටයක් දෙන්න කියලා ඒත් එතන ඉන්න කාලකන්නි මිනිස්සු දන්නැද්ද හිටපු මේජර් ජෙනරාල් සුරේස් සලේ කියන්නේ සැකකාරයෙක් විතරයි.

ඔහු රටේ පිනට උපන් කෙනෙක් කියලා මෙතන ඉන්න ලොක්කෝ කිව්වා .එතුමා නිසා තමා බුද්ධි අංශ ශක්තිමත් වුණේ . ltt යට විරුද්ධව යුද්ධ කරද්දී සියළුම තොඅරතුරු ත්‍රිවිධ හමුදාවට ලබා දුන්නේ එතුමාගේ බුද්ධි අංශ යටතේ. එහෙම ශ්‍ර්‍රේෂ්ඨ රණවිරුවෙකුට කොට්ටයක් දෙන්න බෑ. ඔහු පාස්කු ප්‍රහාරය කලා කියලා තීන්දු කරලා නෑ.මේ රැදවුම් නියෝගය අයින් කරලා බන්ධනාගත කරලා බන්ධනාගාර රෝහලේ තියලා උඹලට ඕනෙ දෙයක් අහගන්න .මීයෝ ලගින පොඩි කාමරයක සුරේස් සලේ හිර කරලා . නොමර මරන්න එපා . ඒ පුද්ගලයාට කරන හානියේ වගකීම ආණ්ඩුවේ භාරගන්න ඕනේ    ''