වාහන හිමියන්ට විශේෂ දැනුම්දීමක්..

Government Employee Sri Lanka Electric Vehicle
By Aruna Aug 12, 2022 06:10 AM GMT
Aruna

Aruna

Report

මාර්ගගත ක්‍රමයට වාහන ආදායම් බලපත්‍රය බස්නාහිර පළාතේ ලියාපදිංචි වාහන සඳහා වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම සතියේ වැඩකරන සියලුම දිනයන්හිදී සිදුකිරීමට තිරණය කර ඇතැයි බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් කාර්යායලය පවසනවා.

ඒ අනුව මාළිගාවත්ත බස්නාහිර පලාත් මෝටර් රථ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයෙන් හෝ බස්නාහිර පළාතේ සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලින් සතියේ වැඩ කරන ඕනෑම දිනයකදී බස්නාහිර පළාතේ ලියාපදිංචි වාහන සඳහා අදායම් බලපත්‍ර ලබා ගත හැකියි.

එසේම www.motortraffic.wp.gov.lk යන වෙබ් අඩවියට පිවිසීම මගින් මාර්ගත ක්‍රමවේදය ඔස්සේ බස්නාහිර පලාතේ ලියාපදිංචි වාහන සඳහා වාහන ආදායම් බලපත්‍ර ලබාගැනීමට හැකි බවත් එම කාර්යාලය පවසයි.

එසේම පසුගිය ජුනි (29) දා සිට කල් ඉකුත් වන බස්නාහිර පළාතේ ලියාපදිංචි වාහන සඳහා 2022 අගෝස්තු මස (31) දින දක්වා වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේදී දඩ මුදල් අය නොකරන බවද එම කාර්යාලය නිකුත් කළ නිවේදනයක වැඩිදුරටත් දැක්වෙයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now