වාහන ආනයනය කරනකම් බලන් හිටිය අයගේ බලාපොරොත්තු සුන්වෙයි..මිල ගණන් අඩුවීම ගැනත් කියයි.

Report

ඔක්තෝබර් මාසයේ සිට වාහන ආනයනය කිරීමට අවසර ලබා දීමට සූදානම් බවට මීට පෙර රජය පැවසුවත් ඒ පිළිබඳව නිශ්චිත තොරතුරක් නැති බව ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය සඳහන් කර සිටිනවා.

ඔක්තෝබර් 01 සිට බස් හා ලොරි රථ ආනයනය කිරීමට ඉඩ දෙන බවට රාවයක් යන නමුත් එවැනි කිසිදු චක්‍රලේඛයක් හෝ කිසිදු පිළිගත හැකි ලියවිල්ලක් රජයේ ආයතනයකින් ආනයන පාලක හෝ බැංකු වෙත යවා ඇති බවයි, එහි සභාපති ප්‍රසාද් මානගේ මහතා මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේ.

අද ලග්න කිහිපයකට ප්‍රබල ධන යෝගයක් තියෙන ග්‍රහ පිහිටීමක්..වාසනාව උරගා බලන්න..

අද ලග්න කිහිපයකට ප්‍රබල ධන යෝගයක් තියෙන ග්‍රහ පිහිටීමක්..වාසනාව උරගා බලන්න..


වාහන ආනයනය කිරීමට වර්තමාන රජය කිසිදු තීන්දුවක් ගෙන නැති බව රාජ්‍ය නිලධාරීන් සමඟ සාකච්ඡා කිරීමෙන් තම සංගමයට දැන ගැනීමට හැකි වූ බවයි ඔහු කියා සිටියේ.

ඒ මහතා වැඩිදුටත් කියා සිටියේ, මීට පෙර 2020 වාහන ආනයන කළ කාලයේ වූ මිලට නැවත වාහන ආනයන කිරීමට හැකි බවක් විශ්වාස කළ නොහැකි බවයි.

මේ අනුව වාහන ආනයන කළත් මිල ගණන්වල විශාල පහත යෑමක් නොවනු ඇති බව ද හෙතෙම කියා සිටියේ ය.

අරගලයේ ලක් අම්මා පාර්ලිමේන්තු එන්න සූදානම් වෙයි..තරග කරන පක්ෂය සහ දිස්ත්‍රික්කය මෙන්න.

අරගලයේ ලක් අම්මා පාර්ලිමේන්තු එන්න සූදානම් වෙයි..තරග කරන පක්ෂය සහ දිස්ත්‍රික්කය මෙන්න.


පසුගිය 2020 ට වඩා රුපියලට සාපේක්ෂව ඩොලරය සියයට 80කින් පමණ අතිප්‍රමාණය වීම මීට හේතුව බවයි ඔහු අවධාරණය කළේ.