ජපන් කාර් ලක්ෂ 10 ට ලංකාවට ගේන ක්‍රමයක්..වාහන ආනයනය ගැන කොළ එළියක්..

Ranil Wickremesinghe Ranjith Siyambalapitiya Japan Sri Lanka Relationship Electric Vehicle Department of Motor Vehicles
By Aruna Jun 14, 2023 11:07 PM GMT
Aruna

Aruna

Report

වාහන ආනයනය සඳහා අවශ්‍ය ඉඩ සලසන ලෙස වාහන ආනයනකරුවන්ගේ සංගමය රජයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරින්චි මහතා මේ සම්බන්ධව අදහස් දක්වමින් සඳහන් කළේ,

"ජනාධිපතිතුමා ජපානයේ ගිය වෙලාවේ අපේ අපනයනකරුවන් හමුවෙලා කියලා තිබ්බා.. තව ටික කාලයකට වාහන ගේන්න අමාරුයි කියලා.

තව විසඳන්න ඊට වැඩිය ප්‍රශ්න තියෙනවා කියලා. " "මේ ක්ෂේත්‍රයේ දැනුම තිබෙන්නේ අපිට. අපිට පුළුවන් මේක කරන්න.

ඩොලර් යන්නේ නැතුව ජපානයෙන් අපිට ණය අරගෙන කරන්න පුළුවන්. අලුත් වාහනයකින් 70%ක් අඩුවෙන් ගෙන්වන්න පුළුවන්.

උදාහරණයක් හැටියට ලංකාවේ දැන් තිබෙන VITZ කාර් එකක් ජපානයෙන් අපිට ගන්න පුළුවන් 2017 එකක් ලක්ෂ 10ක් 12කට විතර.

ඒ වගේ වාහනයක් අපිට මෙහෙ සාධාරණ මිලකට දෙන්න පුළුවන්."

කෙසේවෙතත් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා කියාසිටියේ , 78% කින් අධිප්‍රමාණය වූ ඩොලරය 20% කින් පමණක් අවප්‍රමාණය වී ඇති තත්ත්වයක් තුළ රථවාහන ආනයනය කිරීමට අවසර ලබාදීමේ යෝජනාව ගැඹුරින් අධ්‍යයනය කළ යුතු බවයි.