මැඩම් ඇයි ඔයයි විරාට් සර්යි ඔයාලගේ ළමයි හංගන් ඉන්නේ..අහපු ප්‍රශ්නෙට අනුශ්කා කනේ ඇබ ගහ ගන්න උත්තර දෙයි [PHOTOS]
අනුශ්කා සහ විරාට් කියන්නේ ජනප්‍රියත්වයේ වගේම දක්ෂතාවයෙනුත් මුළු ලෝකෙම අඳුරන් ඉන්න චරිත දෙකක් කියලා ආයෙ අමුතුවට කාටවත් විස්තර කරන්න ඕනේ නෑනේ.
ඒ වගේම තමයි මේ දෙන්නගේ ආදර අන්දරේ සහ විවාහ ජීවිතය.
දෙන්නගේ ආදරේ නිසාම මේ දෙන්නා කාලෙන් කාලෙට සමාජ මාධ්‍ය ඔස්සේ ලෝකේ පුරාම වයරල් වුණ අවස්ථාත් එමටයි.
ඔන්න ඔහොම වෙලාවක තමයි අනුශ්කාගෙන් මාධ්‍යවේදියෙක් අහන ප්‍රශ්නයක් සහ අනුශ්කා ඒකට දුන්න උත්තරෙත් මේ වෙද්දි සෑහෙන පිරිසක් හිනා වෙවී කියවන්නේ.
මාධ්‍යවේදියා අනුශ්කාගෙන් අහන්නේ,
"මැඩම් ඇයි ඔබ සහ විරාට් සර් ඔබලාගේ ළමයින් සමාජයෙන් හංගන් ඉන්නේ. අපි කිසිම ෆොටෝ එකක්වත් දැක්කේ නෑ ඒ අයගේ අද වෙනකන්"
මේකට අනුශ්කා ටිකක් විතර සැර හැබැයි සුපිරි උත්තරයක් දීලා තියෙනවා.
ඒ තමයි, "අපි එසේ නොකරානම් ඔවුන්ටද දිනෙක ඉන්දියාවේදී අල්ලපු ගෙදරට යාම සඳහා බොඩිගාඩ්ලා දෙතුන් දෙනෙක් සහ ෆේස්මාස්ක් අවශ්‍ය වනු ඇත" යනුවෙන්.
මේ අස්සේ ඉන්දියාව සහ පාකිස්ථානය අතර තියෙන දේශපාලන මතගැටුම් නිසා රටවල් දෙකේ ක්‍රිකට් තරග පැවැත්වීම ගැන ඉන්දීය රජයෙන් ස්ථාවරයක් කියලා තිබුණා.
ඒ නිසා ඉන්දියාව පාකිස්ථානය එක්ක තරග ඇතුළත් කිසිදු තරගාවලියකට සත්කාරකත්වය ලබා දෙන්නෑ වගේම පාකිස්ථානයට සංචාරය කිරීමටද අවසර නෑ කියලත් වාර්තා වුණා.
හැබැයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) සංවිධානය කරන තරගාවලි මෙන්ම බහුපාර්ශ්වික තරගාවලිවලදී පාකිස්ථානය සමඟ ක්‍රීඩා කිරීමට ඉන්දීය රජය අවසර දීලා තියෙන බවත් ආරංචි වෙනවා.






