විශ්වවිද්‍යාලයක විශාල අර්බුදයක්

Report

ස්ථිර උපකුලපතිවරයෙක් නොමැති වීම නිසා රජරට විශ්ව විද්‍යාලය තුළ බරපතළ ගැටළු ගණනාවක් මතුව ඇති බව විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සභාපති මහාචාර්ය ප්‍රගීත් රෝෂන් වීරතුංග මහතා පවසයි.

ඒ උපකුලපතිවරයෙක් පත්කිරී‍මට තිබු සම්මුඛ පරීක්ෂණයේදී නම් තුනක් තේරා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට යවා ඇති වුවද මෙතෙක් එයින් එක් අයකු හෝ තෝරා එවීමට විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම ක්‍රියා නොකිරීම නිසා බව සඳහන්.

මේ ලයිසන්වල ගාණ වැඩි කරන්න තීරණයක්

මේ ලයිසන්වල ගාණ වැඩි කරන්න තීරණයක්

එසේම මහාචාර්යවරයා පෙන්වා දෙන්නේ වසර 46කට පසුව පැමිණෙන විශ්වවිද්‍යාල ජාතික ක්‍රීඩා උත්සවය මෙවර රජරට විශ්වවිද්‍යාලයේදී ලබන මාසයට පුරාවටම පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර රාජ්‍ය විශ්වවිද්‍යාල 17ක් න‍ියෝජනය කරමින් පැමිණෙන සිසුන්ට අවශ්‍ය යටිතල පහසුකම් සැලැසීමට පාලනාධිකාරිය මෙතෙක් අපොහොසත් වී ඇති බවයි.

එසේම ඔහු විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන දරුවන්ට පෝෂ්‍යදායී ආහාර වේලක් නොලැබෙන එකම විශ්වවිද්‍යාලය මෙය විය හැකි බව කියයි.

ඔයත් චෙක් පාවිච්චි කරනවද? මෙන්න විශේෂ නිවේදනයක්

ඔයත් චෙක් පාවිච්චි කරනවද? මෙන්න විශේෂ නිවේදනයක්

ඊට අමතරව විශ්විද්‍යාල යටිතල පහසුකම් සැපයීමට මහා භාණ්ඩාගාරයෙන් රුපියල් මිලියන 750ක් පමණ මුදලක් ලබාදී ඇති බවට තොරතුරු අනාවරණය වී තිබුණද එම මුදල් වැයකරමින් විශ්ව විද්‍යාල තුළ යටතල පහසුකම් සලසා දීමට කටයුතු නොකරීම බරපතළ ගැටලුවක් බවද ඔහු ප්‍රකාශ කරයි.

ආයේ ගුරු සේවයට ගන්නේ මේ අයව විතරයි, අධ්‍යාපන අමාත්‍යංශයෙන් විශේෂ නිවේදනයක්

ආයේ ගුරු සේවයට ගන්නේ මේ අයව විතරයි, අධ්‍යාපන අමාත්‍යංශයෙන් විශේෂ නිවේදනයක්

මෙන්න රට යන්න අවස්ථාවක් - තායිලන්තෙට ලාංකික ශ්‍රමිකයින් 10,000ක් ඕනෙලු

මෙන්න රට යන්න අවස්ථාවක් - තායිලන්තෙට ලාංකික ශ්‍රමිකයින් 10,000ක් ඕනෙලු