වාහන ලියාපදිංචිය ඉහළට පසුගිය වසරට වාහන ලක්ෂෙත් පැනලා
Driving Licence
Department of Motor Vehicles
Sinhala news
SriLanka News - Gagana
By Mithu
පසුගිය කාල සීමාවේදී ශ්‍රී ලංකාවේ පැවති ආර්ථික තත්ත්වය මත වාහන මිල විශාල ලෙස ඉහළ ගියේය.
නමුත් පසුගිය වසරේ ගතවූ කාලය තුළ වාහන එක් ලක්ෂ 33678ක් ලියාපදිංචි කර ඇති බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ ඉන් වැඩිම සංඛ්‍යාවක් ලියාපදිංචි කර ඇත්තේ යතුරුපැදි බවයි. ඒ අනුව එක් ලක්ෂ 451ක් යතුරුපැදි මෙලෙස ලියාපදිංචි කර තිබේ.
අදාළ කාල සීමාව තුළ මෝටර් රථ 20535ක් ලියාපදිංචි කර තිබෙන බවයි වාර්තා වන්නේ. මීට අමතරව ත්‍රිරෝද රථ 3293ක් ද්විත්ව කාර්ය වාහන 1995ක් ද මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර තිබේ.
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ වාහන ආනයනය සඳහා රජය අවසරදීමත් සමඟ වාහන ලියාපදිංචිය එලෙස ඉහළ ගොස් ඇති බවයි.
