වාහන මිල ආයෙත් ඉහල යයි

vehicle imports sri lanka Sinhala news NPP Government SriLanka News - Gagana
By Hashini Jul 11, 2025 11:37 AM GMT
Hashini

Hashini

Report

රජය විසින් වාහන ආනයනය සඳහා වෙන් කරන ලද ඇමෙරිකානු ඩොලර් බිලියනයෙන් ඉතිරි කෝටි 20ක (මිලියන 200) මුදල බැංකු හරහා ලබා දීමේදී යම් කොන්දේසි හෝ සීමාවන් පැනවීමට තීරණය කළහොත් දේශීය වෙළෙඳපොළේ වාහන මිල වේගයෙන් ඉහළ යා හැකි බවට වාහන ආනයනකරුවන් අනතුරු අඟවනවා.

වාහන ආනයනකරුවන් පෙන්වා දෙන්නේ මේ වසර සඳහා වාහන ආනයනයට ඇමෙරිකානු ඩොලර් බිලියනයක් වෙන් කර ඇති අතර, මේ වන විටත් ඇමෙරිකානු ඩොලර් මිලියන 800ක ණයවර ලිපි (LC) විවෘත කර ඇති බවයි.

රු. මිලියන 500ක් වන්දි ඉල්ලා හරක් කටාගේ බිරිඳ නඩු මගට

රු. මිලියන 500ක් වන්දි ඉල්ලා හරක් කටාගේ බිරිඳ නඩු මගට

ඔවුහු ප්‍රකාශ කරන්නේ වාහන ආනයනය යළි ආරම්භ කරන විට, මේ වසරේදී ඇමෙරිකානු ඩොලර් බිලියනයක පමණ වාහන ආනයනයක් සිදුවනු ඇතැයි රජය අපේක්ෂා කළද, අධික ඉල්ලුම හේතුවෙන් ඉතිරි මිලියන 200 ලබා ගැනීම සම්බන්ධයෙන් යම් අවිනිශ්චිතතාවක් පවතින බවයි.

වාහන ආනයනකරුවෝ සඳහන් කරන්නේ මෙම වසර සඳහා වෙන් කර ඇති ඉතිරි මිලියන 200 ලබා දෙන ආකාරය පිළිබඳව නිශ්චිතව දැන ගැනීම සඳහා බලධාරීන් සමඟ සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන බවයි.

එම සාකච්ඡාවලදී නව කොන්දේසි හෝ සීමා කිරීම් හඳුන්වා දුනහොත් දේශීය වෙළෙඳපොළේ වාහන මිල අනිවාර්යයෙන්ම ඉහළ යනු ඇතැයි ආනයනකරුවෝ වැඩිදුරටත් අවධාරණය කරති. 

කන්ටේනර් පිට කරානම් මාව හිරේ දාන්න - ඇමති බිමල්

කන්ටේනර් පිට කරානම් මාව හිරේ දාන්න - ඇමති බිමල්

ReeCha