මාස 10කට පසු යාල් දේවී හා රජරට රැජිනගේ ආගමනයත් සමඟ සංශෝදනය වූ දුම්රිය කාල සටහන් මෙන්න.(PHOTOS)
By Wayomi
කොළඹ – කොටුවේ සිට කන්කසන්තුරය දක්වා දුම්රිය ධාවනය අද (28) සිට යළි ආරම්භ කර තිබෙනවා.
මාස 10 කට පසු දුම්රිය මාර්ගයේ නවීකරණ කටයුතු අවසන් වීමත් සමග යාල් දේවී හා රජරට රැජින දුම්රිය මෙලෙස යළි ගමන් ආරම්භ කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.
නියෝජ්‍ය දුම්රිය සාමාන්‍යාධිකාරී එන් ජේ. ඉඳිපොලගේ මහතා කියා සිටියේ, උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය යළි ආරම්භ කරමින් යාල්දේවී දුම්රිය කොළඹ කොටුව හා කන්කසන්තුරේ අතරත්, රජරට රැජින දුම්රිය කොටුව හා අනුරාධපුරය අතරත් ධාවනය කෙරෙන බවයි.

අනුර සැගවූ පාස්කුවේ දෙවන වාර්තාව ගම්මන්පිල අද යළි දමයි. - මෙන්න LIVE ඇවිත් අද ඉල්ලන ගේම. - (LIVE VIDEO)








