වාහන යළි මෙරටට ගෙන්වීම ගැන අලුත්ම ආරංචිය මෙන්න..

Nandalal Weerasinghe Ranjith Siyambalapitiya Government Of Sri Lanka Electric Vehicle Department of Motor Vehicles
By Aruna Jul 09, 2023 05:59 AM GMT
Aruna

Aruna

Report

ඉදිරියේදී තවත් ආනයන සීමා නිදහස් කිරීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති නන්දලාල් වීරසිංහ මහතා අවධාරණය කරනවා.

දැනටමත් ආනයන සීමා බොහෝමයක් නිදහස් කර ඇති බවයි නන්දලාල් වීරසිංහ මහතා පෙන්වා දෙන්නේ.

විදෙස් මාධ්‍ය නාළිකාවක් සමඟ සාකච්ඡාවට එක්වෙමින් මහ බැංකු අධිපතිවරයා ප්‍රකාශ කළේ, පාරිභෝගික විශ්වාසය නැවතත් ඇති වී තිබෙන බව සියලුම දත්ත වලින් පෙන්වමින් ඇති බවයි.

මේ අතර මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹළාපිටිය මහතා සඳහන් කරන්නේ වාහන ආනයන සීමා ඉවත් කිරීම සම්බන්ධයෙන් මේ වසර තුල සලකා බැලීමට හෝ නොහැකි බවයි.

අනෙක් භාණ්ඩ ආනයන සීමා ඉවත් කලද වාහන ආනයනය සීමා තවදුරටත් පවත්වාගෙන යාමට සිදුවනු ඇති බවත් එන වසරේදී එය ලිහිල් කිරීම හෝ නොකිරීම මේ වසර අවසානයේ දී සලකා බැලීමට හැකි වනු ඇති බවත් සියඹලාපිටිය මහතා වැඩි දුරටත් අවධාරණය කළා.