ගෙන්නපු වාහන නිසා ලංකාවටම සුබ වෙයි - සතුටු හිතෙන නිවේදනයක්

Report

2025 වර්ෂයේ වාහන ආනයන බදු මඟින් අපේක්ෂිත ආදායමට වඩා රුපියල් බිලියන 100කට වැඩි ආදායමක් උත්පාදනය වී ඇති බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව නිකුත්කළ නිවේදනයක සඳහන් වේ.

එනිසා 2026 වසරේ ඉදිරි මූල්‍ය සැලසුම් සකස්කිරීම පහසුවක් වී ඇති බව එහි දැක්වේ.

කෙසේ වුවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ වාහන ආනයනය මන්දගාමී වීම මත 2026 දී ආදායම් වැඩිවීමත් මන්දගාමී වනු ඇති බවට බලාපොරොත්තු වන බවයි.

2026 මූල්‍ය වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත පිළිබඳ සකස් කළ කෙටුම්පත් වාර්තාව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී (COPF)සලකා බැලීමට ගත් තීරණය දැනුම්දෙමින් පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව නිකුත්කළ නිවේදනයේ මේ බව සඳහන් විය.

අවුරුදු 26ට වැඩි අවිවාහකයන්ට මෙන්න සුබ ආරංචියක්

අවුරුදු 26ට වැඩි අවිවාහකයන්ට මෙන්න සුබ ආරංචියක්

එම නිවේදනයට අනුව 2026 මූල්‍ය වර්ෂයට වන විසර්ජන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 121(5)(i) ප්‍රකාරව සකස් කරන ලද කෙටුම්පත් වාර්තාව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී (COPF) සලකා බලා ඇත.

මෙම තීරණය ගෙන ඇත්තේ ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් 'COPF' ඉකුත් (11) දින පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීයි.

එමෙන්ම අඳාළ වාර්තාවේ රාජ්‍ය මූල්‍ය කළමනාකරණ (PFM) පනත, රාජ්‍ය ණය කළමනාකරණ (PDM) පනත සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) වැඩසටහන යටතේ නියම කර ඇති අවශ්‍යතාවයන් අනුව 2026 මූල්‍ය වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත සකස් වී ඇති බව දක්වා ඇත.

එසේම මෙම වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව ද සඳහන්.

මහ කන්නයේ පොහොර සහනාධාරය ගැන සුබ පණිවිඩයක් මෙන්න

මහ කන්නයේ පොහොර සහනාධාරය ගැන සුබ පණිවිඩයක් මෙන්න

අස්වැසුම හා තවත් දීමනා තොරතුරු රැසක් නිවේදනය කරයි

අස්වැසුම හා තවත් දීමනා තොරතුරු රැසක් නිවේදනය කරයි