එළවළු මිල ගණන්වල එකවර වූ වෙනස - මිල ගණන් දැනගැනීමට මෙතනින් පිවිසෙන්න..

Sri Lanka Sri Lanka Food Crisis
By krishani Nov 06, 2022 03:51 AM GMT
krishani

krishani

Report

එළවළු වර්ග රැසක සිල්ලර මිල ගණන් ද මේ වනවිට අඩු වී ඇත.

හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ සහ පුහුණු කිරීමේ ආයතනය පැවසුවේ පහත රට එළවළු වල වැඩිම මිල පහළ යෑමක් වන රුපියල් 44 ට මුරුංගා සඳහා වාර්තා වී ඇති බවය.

වට්ටක්කා රුපියල් 20 කින්ද, වැටකොළු සහ කරවිල රුපියල් 4 ත්, 11 ත් අතර මිලකින් ද, බණ්ඩක්කා රුපියල් 34කින් ද අඩු වී ඇත.

පොල් මිල ගණන්වල සුළු ඉහළ යෑමක් පෙන්නුම් කරයි.ලොකු පොල් ගෙඩියක් රුපියල් අසූපහ, අසූ අට මට්ටමේ සටහන් වී ඇත.

රතු ළුෑණු මිල ඉහළ ගොස් තිබූ අතර, ආනයනික මෙන්ම දේශීය අර්තාපල් මිලේ ද වැඩිවීමක් සටහන් වී ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join


ReeCha