මගේ අම්මෝ හිතාගන්නවත් බැරි විදිහට එළවළු මිලට සිද්ධවෙලා තියන දේ....

By Piyumika Feb 11, 2025 06:03 AM GMT
Report

සැපයුම පහළ යාම හේතුවෙන් එළවළු වර්ග රැසක මිල ගණන් ඉහළ ගොස් ඇතැයි හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්‌යේෂණ හා පුහුණු කිරීමේ ආයතනය සඳහන් කරයි.

නුවරඑළිය සහ බණ්ඩාරවෙල ආදී ප්‍රදේශවලින් එළවළු සැපයුම පහළ යාම හේතුවෙන් නෝකෝල් හැර අනෙකුත් සියලුම එළවළු වර්ගවල මිල ඉහළ ගොස් තිබේ.

වඳුරෙකුට දෝෂාරෝපණය කළ රජය සැබෑ ගැටලුව හඳුනාගැනීමට පියවර ගෙන නෑ .. විදුලිය බිඳවැටීම ගැන සජිත් කියූ සැබෑ හේතුව....

වඳුරෙකුට දෝෂාරෝපණය කළ රජය සැබෑ ගැටලුව හඳුනාගැනීමට පියවර ගෙන නෑ .. විදුලිය බිඳවැටීම ගැන සජිත් කියූ සැබෑ හේතුව....

ඒ අනුව, එළවළු මිල ඉහළ යාමේ උපරිම ප්‍රතිශතය සියයට 72 ක් බවද එම ආයතනය පවසයි.

කැරට් කිලෝවක් සියයට 72 කින්ද, ගෝවා කිලෝවක් සියයට 63 කින්ද, ලීක්ස්, රාබු, බීට්රූට් සහ බෝංචි සියයට 10 ත් 21 ත් අතර ප්‍රතිශතයකින් ඉහළ ගොස් තිබේ.

ප්‍රබල කණ්ඩායමකට ජනාධිපතිගෙන් තර්ජනයක්...සිකුරාදා දහවල් 12.00 වන විට කී දේ වුනේ නැත්තම් දැඩි තීරණයක්..

ප්‍රබල කණ්ඩායමකට ජනාධිපතිගෙන් තර්ජනයක්...සිකුරාදා දහවල් 12.00 වන විට කී දේ වුනේ නැත්තම් දැඩි තීරණයක්..

මාළු මිරිස් කිලෝවක මිලද සියයට 22 කින් ඉහළ ගොස් ඇති අතර, තක්කාලි කිලෝවක මිල සියයට 33 කින් පහත වැටී ඇත.

වැටකොළු මිලද සියයට 32 කින් ඉහළ ගොස් ඇති අතර, අමු මිරිස් මිල සියයට 22 කින් ඉහළ ගොස් ඇත.  

You may like this video