අද එළවළු මිල පහළ බසී..මාළු මිල ගණන් ඉහළ නගී..අලුත්ම මිල දර්ශකය මෙන්න..

Vegetables Vegetables Price Vegetable Price Today
By Aruna Apr 20, 2024 04:53 AM GMT
Aruna

Aruna

Report

පෑලියගොඩ වෙළඳ මධ්‍යස්ථානයේ අද (20) එළවලු මිල ගණන් පසුගිය දිනයන්ට සාපේක්ෂව තවමත් පහළ අගයක් වාර්තා වනවා.

නමුත්, දෙහි සහ ඉඟුරු මිල ඉහළ ගොස් තිබෙන බවයි වාර්තා වන්නේ.

මේ අනුව, දෙහි මිල රුපියල් 1000ක් වන අතර, ඉඟුරු මිල රුපියල් 2800ක් බවයි සටහන් වී ඇත්තේ.

එළවලු කිලෝග්‍රෑම් එකක මිල ගණන් පහතින්,

තක්කාලි රුපියල් 80 කැරට් රුපියල් 150 වම්බටු රුපියල් 100 බෝංචි රුපියල් 300 අමු මිරිස් රුපියල් 150 ලීක්ස් රුපියල් 150 ගෝවා රුපියල් 120 බීට් රුපියල් 200 මාලු මිරිස් රුපියල් 400 පතෝල රුපියල් 120 වැටකොළු රුපියල් 100 වට්ටක්කා රුපියල් 150 නෝකොල් රුපියල් 100 ලූනු කොල රුපියල් 150 අලු කෙසෙල් රුපියල් 150

මේ අතර, අද පෑලියගොඩ මාලු මිල ගණන් ද ඉහළ ගොස් තිබේ.

සාලයා රු 500 හුරුල්ලෝ රු 700 බලයා දවසේ මාලු රු 750 බලයා රු 500 ලින්නා රු 900 කෙලවල්ලා රු 800/1000 පරව් රු 1200 තලපත් රු 1500 කොප්පරා රු 1700 තෝරු රු 2000 බෝල්ලෝ රු 1000 කුම්බලාවා රු 850 අලගොඩුවා රු 850 ඉරටවල්ලා රු 900 ඉස්සෝ රු 2000 දැල්ලෝ රු 1500 හැඩැල්ලා රු 1300