වතිකානු තානාපති අගමැතිනිය හමුවෙයි - හේතුව මෙන්න

Report

ශ්‍රී ලංකාව වෙනුවෙන් වතිකානු තානාපතිවරයා වශයෙන් නම් කරන ලද අති උතුම් මොන්සිනියර් ඇන්ඩ්‍රි ජොස්වොවිච් මැතිතුමා අද (29) දින අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය හමුවිය.

එහිදී තානාපතිවරයාව පිළිගත් අග්‍රාමාත්‍යතුමිය, එතුමා වෙත සුබපැතුම් පිරිනැමූ අතර, ශ්‍රී ලංකාව සහ වතිකානුව අතර ඉකුත් දශක පහක කාලය පුරා පවතින දිගුකාලීන මිත්‍රත්වය සහ අධ්‍යාත්මික සහයෝගීතාවය සම්බන්ධයෙන් සිය ප්‍රසාදය පළ ක‍ර ඇත.

ඉන්ධන මිල හා විදුලි මිල තවත් වැඩිවෙයිද? IMF සමඟ කල අලුත්ම සාකච්චාව

ඉන්ධන මිල හා විදුලි මිල තවත් වැඩිවෙයිද? IMF සමඟ කල අලුත්ම සාකච්චාව

එසේම ශුද්ධෝත්තම දහහතරවන ලියෝ පාප් වහන්සේගේ නව නායකත්වය යටතේ කතෝලික සභාවේ අඛණ්ඩ මැදිහත්වීම තුළින් දෙරට අතර පවතින මිත්‍රත්වයේ බැඳීම් තවදුරටත් ශක්තිමත් කිරීමට දෙපාර්ශවයම එකඟතාව මෙහිදී පළ කර තිබෙනවා.

එම අවස්ථාවට අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සාගරිකා බෝගහවත්ත යන මහත්ම මහත්මීන් සහ විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් එක් විය.  

රටේ ජනාධිපතිවරයා කියන්නෙ බොරු..ආණ්ඩුව ගන්න තීරණ පිටිපස්සේ ඉන්නේ ලොක්කෝ ගැන නාමල් හෙළි කරයි

රටේ ජනාධිපතිවරයා කියන්නෙ බොරු..ආණ්ඩුව ගන්න තීරණ පිටිපස්සේ ඉන්නේ ලොක්කෝ ගැන නාමල් හෙළි කරයි

මෙරට තුළ දෙමළ ජන සංහාරයක් සිදුවූ බවට පළවන වාර්තා ගැන රජයේ ස්ථාවරය කුමක්ද? සර්වජන බලයෙන් ප්‍රශ්න කරයි

මෙරට තුළ දෙමළ ජන සංහාරයක් සිදුවූ බවට පළවන වාර්තා ගැන රජයේ ස්ථාවරය කුමක්ද? සර්වජන බලයෙන් ප්‍රශ්න කරයි

GalleryGallery