මෙරට තුළ දෙමළ ජන සංහාරයක් සිදුවූ බවට පළවන වාර්තා ගැන රජයේ ස්ථාවරය කුමක්ද? සර්වජන බලයෙන් ප්‍රශ්න කරයි
මෙරට තුළ දෙමළ ජන සංහාරයක් සිදුවූ බවට පළවන වාර්තා සම්බන්ධව රජයේ ස්ථාවරය කුමක්ද යන්න විමසමින් සර්වජන බලය විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ලිපියක් යොමු කර ඇත.
මෙම ලිපිය නිකුත් කර ඇත්තේ එම පක්ෂයේ මහලේකම් නීතීඥ රංජන් සෙනෙවිරත්න මහතාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති මෙම ලිපිය මගින් අදාළ කරුණු සම්බන්ධව විමසමිනි.
රටම ආන්දෝලයට ළක් කළ කපිල චන්ද්‍රසේනගේ මරණයේ මහෙස්ත්‍රාත් පරීක්ෂණයේදී සිදු වූදේ - නීතිඥයින් සාක්ෂියට කැඳවනවාද?
එමගින් සඳහන් කර ඇත්තේ මෙරට තුළ කිසි දිනෙක කිසිදු ආකාරයෙන් දෙමළ ජන සංහාරයක් සිදු නොවූ බවට සර්වජන බලයේ ස්ථාවරය වන බවයි
මේ සම්බන්ධව විමසමින් ප්‍රධාන කරුණු 3ක් යොමු කරමින් සර්වජන බලය විසින් ජනාධිපතිවරයා වෙත මෙම ලිපිය යොමු කර ඇති එම ලිපිය පහතින් දැක්වේ