බ්ලොක් ඇන්ඩ් ඩීනෝට වැඩ වරදී - "අනිවාර්යෙන්ම ඒකට නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා"

Report

ආදිවාසී සංස්කෘතිය විකෘති කරමින් වීඩියෝවක් නිර්මාණය කර අන්තර්ජාලයට එළිදැක්වූ සමාජ මාධ්‍ය ක්‍රියාකරුවන් දෙදෙනකුට එරෙහිව නීතිමය පියවර ගන්නා බව ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිල ඇත්තන් ප්‍රකාශ කරනවා.

මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු සඳහන් කළේ, ආදිවාසී සංස්කෘතියට අගෞරව කරන ආකාරයෙන්, ව්‍යාපාරික අරමුණු ඇතිව මුදල් උපයන්නට මෙම වීඩියෝව නිපදවා ඇති බවයි.

තරුණයන් පිස්සු වට්ටන, නිල් චිත්‍රපට රංගනයට විදෙස් සමාගම් සමග ගිවිසුම්ගතවූ පළමු ලාංකිකයක්

තරුණයන් පිස්සු වට්ටන, නිල් චිත්‍රපට රංගනයට විදෙස් සමාගම් සමග ගිවිසුම්ගතවූ පළමු ලාංකිකයක්

මෙම වීඩියෝව නිර්මාණය කළ පුද්ගලයන්ට දුරකථනයෙන් සම්බන්ධ වී මේ ගැන දැනුම් දුන් බවත්, ඔවුන් කිසිදු ප්‍රතිචාරයක් නොදැක්වූ බැවින් ආදිවාසී පරපුර කෙරෙහි සමාජයේ ඇති ගෞරවයට හානි සිදුවන බවත් ඌරුවරිගේ වන්නිල ඇත්තන් පෙන්වා දුන්නා.

ආදිවාසී භාෂාවද විකෘති කරමින් සකස් කර ඇති මෙම වීඩියෝවට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිල ඇත්තන් තවදුරටත් පැවසුවා.