එන්නත් කාඩ්පත අනිවාර්ය කිරීම සම්බන්ධයෙන් ඇති නීතිය මෙන්න

Corona virus covid 19 Srilamka
By Sithumi Feb 06, 2022 12:47 PM GMT
Sithumi

Sithumi

Report

කොවිඩ් මර්දන එන්නත් තුනම ලබානොගත් පුද්ගලයින් පොදු ස්ථානවලට ප්‍රවේශවීම වළක්වමින් සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් පසුගියදා අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කිරීම ව්‍යවස්ථා විරෝධී කටයුත්තක් නොවන බව ජනාධිපති නීතිඥ යූ.ආර්. ද සිල්වා මහතා පවසයි.

මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ, එවැනි ක්‍රියාවක් මහජන සුබසිද්ධිය පවත්වාගෙන යෑම ඉතා අත්‍යාවශ්‍ය අවස්ථාවක දී යම් යම් රෙගුලාසිවලට යටත්ව සෞඛ්‍ය අමාත්‍යවරයාට එය කළ හැකි බවය. වැඩිදුරටත් අදහස් දැක්වු ජනාධිපති නීතිඥ යූ.ආර්.ද. සිල්වා මහතා,

"එවැනි ක්‍රියාවක් මහජන සුබසිද්ධිය සඳහා පවත්වාගෙන යෑම ඉතාමත් අත්‍යාවශ්‍ය අවස්ථාවක දී අවශ්‍ය කරන ඒ ඒ රෙගුලාසි වෙනස් කිරීම්වලට යටත්ව සෞඛ්‍ය අමාත්‍යවරයාට එය කළ හැකියි.

එලෙස පටහැනිව ක්‍රියා කරනවා නම්, එවැනි අය අපේ නීතියේ සඳහන් වන රෝග කාරක තත්ත්වයන් අනෙක් අයට බෝකිරීම සඳහා කටයුතු කරන පුද්ගලයෙක් හැටියට ඔවුන්ව අත්අඩංගුවට ගැනීමට ක්‍රියා කළ හැකියි. ඒ අනුව දණ්ඩ නීති සංග්‍රහයේ 262 වගන්තිය යටතේ ක්‍රියාකිරීමේ හැකියාව තිබෙනවා. 

ප්‍රසිද්ධ ස්ථානවල දුම්පානය කිරීම තහනම් වගේ, මෙයත් පොදු ස්ථානවලට, පොදු ප්‍රවාහනයට, පුර්ණ එන්නත්කරණයෙන් තොරව හෝ ඔහුව මුදාහැර ඇති බවට සහතිකයක් නොමැතිව ඇතුළුවීම හෝ ප්‍රවාහනය කිරීම තහනම් කිරීම මෙයින් කරනු ලබයි


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now