එන්නතක් ගැසූ 40කට ආසාත්මිකතා හේතුවෙන් රෝහලේ

Covid 19 Sri lanka vaccsine
By Sithumi Jun 12, 2021 10:05 AM GMT
Sithumi

Sithumi

Report

සිනොෆාම්’ එන්නත ලබාදීමෙන් පසු ආසාත්මිකතා ඇති වූ ඇඟලුම් කම්හලක සේවක සේවිකාවන් පිරිසක් ඊයේ දිනයේ අනුරාධපුර රෝහලට ඇතුළත් කර තිබේ. අනුරාධපුර පණ්ඩුලගම ප‍්‍රදේශයේ පිහිටි ඇඟලුම් කම්හලක එන්නත්කරණ සිදු කරන අවස්ථාවේ මෙම ආසාත්මිකතා ඇති වී තිබේ.

දහසකට ආසන්න පිරිසකට මෙසේ එන්නත්කරණය කරන වැඩසටහන දී 40 ක පමණ පිරිසකට ආසාත්මිකතා ඇති ව තිබේ. කෙසේ වෙතත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය කියා සිටින්නේ එන්නත ලබා ගත් පසු පැය කිහිපයක් විවේකීව සිටිය යුතු වුවත් ඔවුන් දිගින් දිගටම සේවය කිරීම නිසා සහ ආයතන පරිශ්‍රය වායුසමනය කර නොතිබීම නිසා ඇතැම් පිරිසකට වමනය හා ක්ලාන්තය හටගෙන තිබූ බවයි.

ඒ සියලු දෙනා සඳහා ඇඟලුම් කම්හලේ ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ඉඩ ප්‍රමාණවත් නොවීම නිසා ඉන් කොටසක් ප්‍රතිකාර සඳහා අනුරාධපුර රෝහලට යැවූ බව ද එම නිලධාරියා කියා සිටියේ ය. ඔවුනට ඇති වූ ආසාත්මිකතාවයන් එන්නතේ බලපෑමකින් හටගත් ඒවා නොවන බවද එම නිලධාරියා පැවැසීය. මේ වන විට ඔවුන්ගේ සියලු දෙනාගේ තත්ත්වය යහපත් බවද රෝහල සඳහන් කරයි