රජයේ තරඟකාරිම විභාගයකට දින නියම වෙයි - විභාගයෙන් පසු 2,238ක් තනතුරු වලට.. සම්පූර්ණ විස්තරය මෙතනින්.
By krishani
එළැඹෙන පෙබරවාරි 04 වන දිනට පෙර ග්‍රාම නිලධාරි තනතුරුවල තිබෙන සියලුම පුරප්පාඩු සම්පූර්ණ කර අවසන් කිරිමට නියමිතයි.
ඒ බව ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත සඳහන් කළේ ය.
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, වෙන්නප්පුව ප්‍රදේශයේ පැවැති උත්සවයකට සහභාගී වෙමින් ය.
2021 වසරේ අයදුම්පත් යොමු කළ සුදුසුකම්ලත් විභාග අපේක්ෂකයන් සඳහා දෙසැම්බර් මස 02 වැනි දින විභාග දෙපාර්තමේන්තුව විසින් ග්‍රාම නිලධාරී විභාගය පැවැත්වීමට නියමිතව ඇත.
එම විභාගයෙන් 2,238 දෙනෙකු ග්‍රාම නිලධාරී තනතුරු සඳහා තෝරා ගැනීමට නියමිත බව සඳහන් ය.
