සහල් මිලට කුමක් වෙයි ද?. සහල් ගැන විශේෂ තීරණයක් මෙන්න.

Report

එළැඹෙන උත්සව සමයේ අවශ්‍ය සහල් සැපයීම සඳහා රජය විසින් සහල් තොගයක් ආනයනය කිරීමට පියවර ගෙන තිබෙනවා.

ඒ බව වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු සඳහන් කළේ ය.

සියලුම පාරිභෝගිකයින්ට දැනුම්දීමක් - අත්‍යාවශ්‍ය භාණ්ඩ 400ක් සම්බන්ධයෙන් එකවරම ගත් තීරණය මෙන්න.

සියලුම පාරිභෝගිකයින්ට දැනුම්දීමක් - අත්‍යාවශ්‍ය භාණ්ඩ 400ක් සම්බන්ධයෙන් එකවරම ගත් තීරණය මෙන්න.


මේ වන විට වෙළෙඳපොළෙහි කීරි සම්බා සහ සම්බා සහල් හිඟයක් ඇති වී තිබෙනවා.

ඒ මහ පරිමාණ මෝල් හිමියන් විසින් වෙළෙඳපොළට කීරි සම්බා සහල් නිකුත් නොකර සඟවා තබාගැනීම හේතුවෙන් ය.

ඒ අනුව උත්සව සමය තුළ එම හිඟය මගහරවා ගැනීමට සහල් ආනයනය කිරීමට පියවර ගෙන ඇති බව වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා රැස්වීමේ දී අමාත්‍ය නලීන් ප්‍රනාන්දු කියා සිටියේ ය.

එමෙන්ම කීරි සම්බා සහල් වර්ගයට සමාන සහල් වර්ගයක් මෙලෙස ආනයනය කිරීමට නියමිතව ඇත.

මේ අතර, කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර සඳහන් කළේ වෙළෙඳපොළේ සහල් හිඟයක් නිර්මාණය කිරීමට මෝල් හිමියන් සිදු කරන ක්‍රියාකාරකම් මැඩපැවැත්වීමේ අරමුණින් සහල් ආනයනය කිරීමට අවසර ලබාදීමට සිදු වූ බවයි.

තව ද, සතොස සභාපති පසඳ යාපා අබේවර්ධන පැවසුවේ එළඹෙන උත්සවය සමයේ දී සතොස මඟින් පාරිභෝගික ජනතාව වෙනුවෙන් විශේෂ මිල සහන ලබාදීමට කටයුතු කරන බවයි.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා සඳහන් කළේ වසර නවයකට පසු ලංකා සතොස මේ වසරේ ගත වූ මාස 10 තුළ ශුද්ධ ලාබයක් ද ලබා ඇති බවයි.

ඉඩම් හිමියන්ට පණිවිඩයක් - ලබන වසරේ සිට ක්‍රියාත්මක කරන මේ දේ ගැන දන්නවා ද?.

ඉඩම් හිමියන්ට පණිවිඩයක් - ලබන වසරේ සිට ක්‍රියාත්මක කරන මේ දේ ගැන දන්නවා ද?.