අර්තාපල් අල කෑවට මේ දේ ගැන දන්නවද?
යල කන්නයේ නෙළාගත් අර්තාපල් අස්වනු අලෙවි කර ගැනීමට නොහැකිව ඌව පළාතේ ගොවීන් දුක්විදින බව වාර්තා වේ.
මෙලෙස අර්තාපල් අල අලෙවි කිරීමට නොහැකි හේතුව ලෙස පෙන්වා දෙන්නේ ආනයනික අර්තාපල් අඩු මිලට වෙළෙඳපොළේ පැවතීම නිසා වෙළෙඳුන් සිය අස්වනු මිලදී ගැනීම ප්‍රතික්ෂේප කරන බවයි.
ඒ අනුව වැලිමඩ, ඌව පරණගම, බොරලන්ද, කැප්පෙටිපොළ ආදී ප්‍රදේශවල යල කන්නයේ අර්තාපල් අස්වනු මේ දිනවල වෙළෙඳපොළට ගෙන එන බවත් පෙර වසරවලදී මෙන්ම මෙවරත් ආනයනික අර්තාපල් රට පුරා වෙළෙඳසැල්වල ගොඩගසා ඇති බවත් පෙන්වා දෙයි.
මේ හේතුවෙන් ආනයනික අර්තාපල් කිලෝවක් සිල්ලර වෙළෙඳපොළේ රුපියල් 200ත් 220ත් අතර මිලකට අලෙවි වන අතර දේශීය අර්තාපල් කිලෝවක් සිල්ලර වෙළෙඳපොළේ අලෙවි වන්නේ රුපියල් 380ත් 400ත් වැනි මිලකටයි.
