යුක්‍රේන යුද්ධයට ඇමෙරිකාව වැය කළ මුදල නැවත අය කරගනී
By Gagana News
යුක්‍රේනයේ විරල ඛනිජ ලබාගැනීමේ ගිවිසුමකට එළැඹීමට ට්‍රම්ප් පරිපාලනය පියවර ගත්තේ අමෙරිකාව යුක්‍රේන යුද්ධය වෙනුවෙන් වැය කළ මුදල නැවත ලබාගැනීමේ අරමුණින් ය.
ආරම්භයේ දී එම ගිවිසුමට එළැඹීමට යුක්‍රේනය ප්‍රතික්ෂේප කළත් සංශෝධන කිහිපයකින් පසුව ඊට එකඟ වීමට යුක්‍රේනය තීරණය කර ඇතැයි විදෙස් වාර්තා පවසයි.
ඒ යුක්‍රේනය ඉදිරිපත් කළ ඉල්ලීම් කිහිපයකට අමෙරිකාව අනුමැතිය පළ කිරීමෙන් පසුවය. කෙසේ වුවද යුක්‍රේනයේ ආරක්ෂාව තහවුරු කරන ලෙස කළ ඉල්ලීමට අමෙරිකාව එකඟ වී නොමැත.
ඒ අනුව යුක්‍රේන ජනාධිපති සෙලෙන්ස්කි මෙම සතියේ දී ගිවිසුමට අත්සන් තැබීම සඳහා අමෙරිකාවට පැමිණෙනු ඇතැයි වාර්තා වෙයි.