මහජන බැංකු ගිණුම් හිමියන්ට හදිසි දැනුම්දීමක් - දින දෙකකදී බැංකු සේවාවලට බාධා
මහජන බැංකුව විසින් පාරිභෝගිකයන් වෙත විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ .
එම විශේෂ නිවේදනය පහත පරිදිය
ඔබ වෙත වඩාත් සුරක්ෂිත, කාර්යක්ෂම සහ වැඩිදියුණු කළ ඩිජිටල් බැංකු සේවාවක් ලබාදීමේ අරමුණින්, අපගේ පද්ධති හා යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා අත්‍යවශ්‍ය නඩත්තු කටයුතු සිදු කිරීමට නියමිතය.
ඒ අනුව, පහත සඳහන් කාලසීමාවන් තුළ ඇතැම් බැංකු සේවාවන් තාවකාලිකව ලබාගත නොහැකි වීමට හෝ සේවා බාධා ඇති වීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න
2026 ඔක්තෝබර් 01 වන බ්‍රහස්පතින්දා – පෙ.ව. 1:00 සිට 3:00 දක්වා
2026 ඔක්තෝබර් 02 වන සිකුරාදා ප.ව. 10:00 සිට, 2026 ඔක්තෝබර් 03 වන සෙනසුරාදා පෙ.ව. 7:00 දක්වා
මෙම කාලසීමාව තුළ පහත සඳහන් සේවාවන් සඳහා තාවකාලික බාධා ඇති විය හැකිය.
People's Pay App සේවාව ක්‍රෙඩිට් කාඩ් ගෙවීම් යාවත්කාලීන කිරීම් මහජන බැංකු ක්‍රෙඩිට් කාඩ් ගනුදෙනු මහජන බැංකු POS Acquiring සේවාවන් PLC කාඩ්පත් ගනුදෙනු සේවාවන් මෙමගින් සිදුවිය හැකි අපහසුතාව පිළිබඳව අපගේ කනගාටුව පළ කරන අතර, ඔබ වෙත වඩාත් ආරක්ෂිත සහ උසස් තත්ත්වයේ ඩිජිටල් බැංකු අත්දැකීමක් ලබාදීම සඳහා සිදුකරන මෙම අත්‍යවශ්‍ය වැඩිදියුණු කිරීම් සඳහා ඔබගේ අවබෝධය සහ සහයෝගය අපි අගය කරමු.