ඉදිරි පැය 36 සඳහා කාලගුණ අනාවැකිය - දිවයිනේ බොහෝ ප්‍රදේශවලට තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි
By Kanchana
ඉදිරි පැය 36 සඳහා කාලගුණ අනාවැකිය 2026 ඔක්තෝබර් 02 වැනිදා පස්වරු 4.00ට නිකුත් කරන ලදී.
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද පස්වරු 1.00න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
මධ්‍යම, සබරගමුව, බස්නාහිර, ඌව, වයඹ සහ උතුරු මැද පළාත්වල මෙන්ම ගාල්ල, මාතර සහ මන්නාරම දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ට වැඩි තරමක් තද වැසි ඇතිවිය හැකිය.
ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවලදී තාවකාලික තද සුළං සහ අකුණු ඇතිවිය හැකි බැවින්, එමඟින් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටී.
මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක්ද ඇති විය හැකිය.