ඇමරිකානු රාජ්‍ය ලේකම් ඊශ්‍රායලයේ සංචාරයක.

United States of America Israel World
By Hashini Oct 16, 2023 04:01 AM GMT
Hashini

Hashini

Report

අමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් ඊශ්‍රායලය වෙත පැමිණ තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ හමාස් සංවිධානය සහ ඊශ්‍රායලය අතර ගැටුම් උග්‍රවීම වැළැක්වීමේ අරමුණින් සාකච්ඡා සිදුකිරීම සඳහා රාජ්‍ය ලේකම්වරයා සංචාරයේ අරමුණ වී ඇති බවයි.

රාජ්‍ය ලේකම්වරයා ඊශ්‍රායලයේ සංචාරයක නිරත වන්නේ කටාර්, ජෝර්දානය, බහරේනය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, සෞදි අරාබිය සහ ඊජිප්තුව යන රාජ්‍යන්වල සංචාරය කිරීමෙන් අනතුරුවයි.

විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ ඇමරිකානු රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් ඊශ්‍රායලයේ සංචාරයක නිරත වන්නේ ගොඩබිමින් සහ ගුවනින් ගාසා තීරයේ දැඩි ප්‍රහාරයක් සිදුකිරීමට ඊශ්‍රායලය සුදානම් කර අතින් පසුබිමක වීම ද විශේෂත්වයකි.


ReeCha