ශ්‍රී ලංකන් ගුවන් සේවයට ලොකු සම්මානයක්
දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවයට හිමි සම්මානය හිමිකර ගැනීමට ශ්‍රී ලංකන් ගුවන් සේවය පසුගියදා ඉන්දියාවේ දිල්ලි නුවරදී පැවැත්වුණු ‘International Tourism Conclave and Travel Awards’ හිදී සමත්වී තිබෙනවා.
මෙය දකුණු ආසියාවත් ලෝකයත් යා කරමින්, ශ්‍රී ලංකන් ගුවන් සේවයටම ආවේණික වූ සුවිශේෂී සත්කාරකත්වය ඔස්සේ මගීන්ට විශිෂ්ටතම සේවාවක් සැලසීම වෙනුවෙන් හිමි වූ සුවිශේෂී සම්මානයක්.
මෙම සම්මාන උළෙලේ ජයග්‍රාහකයන් තීරණය කරන ලද්දේ විවිධ ක්ෂේත්‍රවල ප්‍රවීණයන්ගෙන් සමන්විත විනිශ්චය මණ්ඩලයක් විසින් වන අතර, මෙය දකුණු ආසියාවේ ජනප්‍රියම ගුවන් සේවයක් ලෙස ශ්‍රී ලංකන් ගුවන් සේවය සතු පිළිගැනීම තවදුරටත් තහවුරු කරන ජයග්‍රහණයක් වනවා.
ශ්‍රී ලංකන් ගුවන් සේවයට ප්‍රධාන ගමනාන්ත රාශියක් වෙත ගුවන් ගමන් ක්‍රියාත්මක කරමින් ශ්‍රී ලංකන් ගුවන් සේවය ලබාදෙන විශිෂ්ට සේවාව නිසා මෙම කලාපයේ ජනප්‍රියම ගුවන් සේවයක් බවට පත්වීමට හැකි වී තිබෙනවා.