tiktok පෙම්වතාට බයික් අරන් දෙන්න සොරකමේ ගිය පෙම්වතිය

Report

TIKTOK හරහා හඳුනාගත් පෙම්වතාට යතුරුපැදියක් මිලදී ගැනීමට ඥාති නිවසකින් රන් ආභරණ සොරාගත් යුවතියක් ඇතුළු හත් දෙනෙකු චාවකච්චේරී පොලිස් මත්ද්‍රව්‍ය හා අපරාධ මර්දන අංශය විසින් ඊයේ (28) දෙන අත්අඩංගුවට ගනු ලැබුවා.

ඒ අනූව ආසන්න වශයෙන් රන් පවුම් 19ක් සොරාගෙන එය පෙම්වතාට ලබා දී ඇති බවද ප්‍රකාශකර තිබෙනවා විදෙස්ගතව සිට නිවාඩුවට දිවයිනට පැමිණි කාන්තාවක්, සමීප ඥාතියෙකු වූ මෙම යුවතිය සමඟ නිවසේ පදිංචි වී සිටි ඇති බවයි වාර්තා වෙන්නේ.

නාමල් අද අධිකරණයට - අත්අඩංගුවටද යන්නේ?

නාමල් අද අධිකරණයට - අත්අඩංගුවටද යන්නේ?

මේ අතරතුර ඇගේ සන්තකයේ තිබූ රන් ආභරණ ටිකෙන් ටික අතුරුදහන් වන බව දැනගත් එම කාන්තාව, අදාළ යුවතිය නිවසින් පිටත් කර තිබෙනවා. නැවත දිනක් තම බඩු භාණ්ඩ රැගෙන යාමට එම කාන්තාවගේ නිවසට පැමිණි යුවතියට නතර වන ලෙස පවසා නාන කාමරයට ගොස් ආපසු පැමිණෙන විට තම තැලි මාලය නොමැති බව දැක තිබෙනවා.

අදාළ යුවතියද එතැනින් පිටව ගොස් ඇති බැවින් ඒ සම්බන්ධයෙන් එම කාන්තාවට සැක සිතී පොලිසියේ පැමිණිල්ලක් කර තිබෙන බවයි පොලිසිය පවසන්නේ. පැමිණිල්ලට අනුව පරීක්ෂණ ආරම්භ කළ පොලිසිය යුවතිය අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කර තිබෙනවා.

වට්සැප් ගෲප් හදන් නටපු මගඩියක් එළියට රජයට ලක්ෂ ගාණක් පාඩුයි

වට්සැප් ගෲප් හදන් නටපු මගඩියක් එළියට රජයට ලක්ෂ ගාණක් පාඩුයි

එහිදී හෙළි වී ඇත්තේ, යාපනය ප්‍රදේශයේ තරුණයෙකු ටික් ටොක් සමාජ මාධ්‍යවල සිය වීඩියෝ දර්ශන පළ කරමින් ප්‍රසිද්ධියක් ලබා ගැනීමට උත්සාහ කර ඇති බවයි.ඒ අනුව අදාළ යුවතිය, මෙම තරුණයා සමඟ ටික් ටොක් හරහා සම්බන්ධ වී පෙම් සබඳතාවක් ගොඩනගාගෙන ඇති අතර, පෙම්වතාට අති නවීන යතුරුපැදියක් මිලදී ගැනීමටත්, ඔහුට සුඛෝපභෝගී ජීවිතයක් ගත කිරීමටත් ඥාති නිවසෙන් රන් භාණ්ඩ සොරාගත් බවයි ඇය පවසා තිබෙන්නේ.

අදාළ යුවතිය, මෙම තරුණයා සමඟ ටික් ටොක් හරහා සම්බන්ධ වී පෙම් සබඳතාවක් ගොඩනගාගෙන ඇති අතර, පෙම්වතාට අති නවීන යතුරුපැදියක් මිලදී ගැනීමටත්, ඔහුට සුඛෝපභෝගී ජීවිතයක් ගත කිරීමටත් ඥාති නිවසෙන් රන් භාණ්ඩ සොරාගත් බවයි ඇය පවසා තිබෙන්නේ.

විමර්ශන මත පෙම්වතා අත්අඩංගුවට ගත් පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇති අතර ඒ අනුව, නිවසින් රන් ආභරණ සොරාගත් යුවතිය, ඇගේ පෙම්වතා, පෙම්වතාගේ තවත් පෙම්වතියන් දෙදෙනෙකු, ආභරණ විකිණීමට උදව් කළ අය, පෙම්වතාගේ මාමා සහ නැන්දා මෙන්ම ආභරණ මිලදී ගත් අය ඇතුළු හත් දෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දෙවියනේ යටිනුවර දිවි නසා ගැනීමේ හේතුව ලිපියකින් හෙළිවේ.ලිපියේ ලියා තැබූ දේ මෙන්න.මන්ත්‍රීවරයා සියල්ලන්ගෙම බෙල්ල මිරිකලා

දෙවියනේ යටිනුවර දිවි නසා ගැනීමේ හේතුව ලිපියකින් හෙළිවේ.ලිපියේ ලියා තැබූ දේ මෙන්න.මන්ත්‍රීවරයා සියල්ලන්ගෙම බෙල්ල මිරිකලා