බීඩි නිෂ්පාදනයෙන් අපේක්‍ෂිත ආදායමක් නැහැ

Report

බීඩි නිෂ්පාදනයෙන් රුපියල් කෝටි දෙසීයක බදු ආදායමක් පසුගිය වසරේ දී අපේක්ෂා කළ නමුත් ලැබී ඇත්තේ රුපියල් සිය කෝටි පන්ලක්ෂයක් පමණක් බව අනාවරණය වී තිබෙනවා.

පසුගිය දා පැවැති රජයේ මුදල් කාරක සභාවේ දී මේ බව අනාවරණය වී ඇත්තේ.

සුරාබදු කොමසාරිස් ජනරාල් එම්. බී.එන්.ඒ. ප්‍රේමරත්න සඳහන් කර ඇත්තේ පසුගිය වසරේ දී බීඩි නිෂ්පාදකයන් සඳහා බලපත්‍ර 1140ක් නිකුත් කර තිබෙන නමුත් බදු ඉහළ නැංවීමෙන් පසු මෙම වසරේ දී අලුත් කර ඇත්තේ එම බලපත්‍රවලින් 840ක් යැයි කාරක සභාවට එක්ව සිට ඇති බවයි.

දෙවියනේ යටිනුවර දිවි නසා ගැනීමේ හේතුව ලිපියකින් හෙළිවේ.ලිපියේ ලියා තැබූ දේ මෙන්න.මන්ත්‍රීවරයා සියල්ලන්ගෙම බෙල්ල මිරිකලා

දෙවියනේ යටිනුවර දිවි නසා ගැනීමේ හේතුව ලිපියකින් හෙළිවේ.ලිපියේ ලියා තැබූ දේ මෙන්න.මන්ත්‍රීවරයා සියල්ලන්ගෙම බෙල්ල මිරිකලා

මෙම වසරේ මේ දක්වා රැස් කර ඇත්තේ රුපියල් මිලියන 469ක බදු ආදායමක් පමණි.

කොමසාරිස් ජනරාල්වරයා පවසන්නේ මහා පරිමාණ අනීතික බීඩි ජාවාරම සහ එවැනි ක්‍රියා සඳහා ප්‍රමාණවත් නෛතික ක්‍රියාමාර්ග නොගැනීම මෙම අඩුපාඩු සඳහා හේතු වී ඇති බවයි.

ආයේ මේ අයට රියදුරු බලපත්‍ර තිබ්බට මේ වාහන පදින්න බෑ - රජයෙන් දැනුම්දෙයි

ආයේ මේ අයට රියදුරු බලපත්‍ර තිබ්බට මේ වාහන පදින්න බෑ - රජයෙන් දැනුම්දෙයි

බීඩි බදු අඩු කිරීමෙන් කර්මාන්තය සඳහා නීත්‍යනුකූල නිෂ්පාදකයන්ගේ සහභාගීත්වය වැඩි කළ බවත් එමගින් සමස්ත ආදායම් රැස් කිරීම ඉහළ නැංවිය හැකි බවත් කාරක සභා සාමාජිකයන් මෙහිදී පෙන්වා දී තිබෙනවා.

කාරක සභාව රැස් වී ඇත්තේ නිෂ්පාදනය කරන සෑම බීඩි වර්ගයක් සඳහාම අය කරනු ලබන දුම්කොළ බද්ද අප්‍රේල් මාසයේ සිට වැඩි කරමින් නිකුත් කර තිබෙන අතිවිශේෂ ගැසට් නිවේදනය අනුමත කිරීම වෙනුවෙනි.

වට්සැප් පාවිච්චි කරන අයට විශේෂ නිවේදනයක්

වට්සැප් පාවිච්චි කරන අයට විශේෂ නිවේදනයක්