නාරාහේන්පිට පොලිසියේ හොරකමක්

Sri Lanka Police Sinhala news SriLanka News - Gagana
By Hashini Jul 29, 2025 03:54 PM GMT
Hashini

Hashini

Report

නාරහේන්පිට පොලිස් ප්‍රවාහන කොට්ඨාසයේ ප්‍රධාන ගරාජයේ තබා තිබූ ආරක්ෂක හිස් වැසුම් හා බැටරි තොගයක් සොරකම් කිරීමේ සිද්ධින් දෙකක් සම්බන්ධයෙන් නාරහේන්පිට පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

මෙලෙස සොරකමට ලක්ව ඇත්තේ රුපියල් 15,000/= ක් වටිනා ආරක්ෂක හිස් වැසුම් 3 ක් හා රුපියල් 12,000/= ක් වටිනා පාවිච්චියෙන් ඉවත් කරන කරන ලද යතුරුපැදි බැටරි 12 කි.

මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මෙම සොරකම පසුගිය 25 වැනිදාත් 28 වැනිදාත් අතර කාලය තුළ සිදුව ඇතැයි සැකකරන අතර සොරකම සිදුකළ පුද්ගලයන් පොලිස් ප්‍රවාහන කොට්ඨාසයේ ආවරණය කර ඇති ආරක්ෂක තාප්පය මතින් පැමිණ කාර්යාංශයේ පිටුපස කාමරයේ රාක්කයේ රඳවා තිබූ මෙම ආරක්ෂක හිස් වැසුම් වහලයත් බිත්තියත් අතර ඇති හිඩැසින් සොරකම් කර ඇති බවටයි.

දෙවියනේ යටිනුවර දිවි නසා ගැනීමේ හේතුව ලිපියකින් හෙළිවේ.ලිපියේ ලියා තැබූ දේ මෙන්න.මන්ත්‍රීවරයා සියල්ලන්ගෙම බෙල්ල මිරිකලා

දෙවියනේ යටිනුවර දිවි නසා ගැනීමේ හේතුව ලිපියකින් හෙළිවේ.ලිපියේ ලියා තැබූ දේ මෙන්න.මන්ත්‍රීවරයා සියල්ලන්ගෙම බෙල්ල මිරිකලා

එලෙසම පාවිච්චි කරන ලද යතුරුපැදි බැටරි ප්‍රවාහන කොට්ඨාසයේ ආවරණය කර ඇති ආරක්ෂක තාප්පය මතින් පැමිණ බැටරි ගබඩා කර තිබූ ගබඩාවේ යකඩ දැල කපා ඒ තුළින් සොරාගෙන ගොස් ඇති බවට ද අනාවරණය වී ඇත.

ආරක්ෂක හිස්වැසුම් සොරකම සම්බන්ධයෙන් පොලිස් ප්‍රවාහන කොට්ඨාසයට අනුයුක්ත යාන්ත්‍රික පොලිස් සැරයන් 8058 මංගල නිලධාරියා විසින් ද බැටරි සොරකම සම්බන්ධයෙන් යාන්ත්‍රික පොලිස් සැරයන් 9410 කේ. පී. ආර් කුමාර නිලධාරියා විසින් පැමිණිලි සිදු කර ඇත.

සොරකමට සම්බන්ධ සැකකරුවන් මෙතෙක් අත්අඩංගුවට ගෙන නැත. 

ලාල්කාන්ත ඩබ්ලිට බය වෙලා? හෝටලය ගැන කියපු දේවල් නෑ කියයි

ලාල්කාන්ත ඩබ්ලිට බය වෙලා? හෝටලය ගැන කියපු දේවල් නෑ කියයි

ReeCha