දියේ ගිලී තරුණයෙක් මිය යයි

By Hashini Jul 29, 2025 05:55 PM GMT
Report

ගාල්ල, ගිංතොට මෝයකට අසල දියනෑමට ගිය තරුණයෙකු දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අද (29) සවස මෙම අනතුර සිදුව ඇත.

මෙලෙස මියගොස් ඇත්තේ ගිංතොට, කුරුඳුවත්ත ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි තරුණයෙකි.

ලාල්කාන්ත ඩඩ්ලිට බය වෙලා? හෝටලය ගැන කියපු දේවල් නෑ කියයි

ලාල්කාන්ත ඩඩ්ලිට බය වෙලා? හෝටලය ගැන කියපු දේවල් නෑ කියයි

මරණකරු ගිං ගඟේ මෝය කට අසල දිය නෑමට ගොස් අතුරුදහන්ව ඇති අතර පසුව ප්‍රදේශවාසීන්, නාවික හමුදාවේ කිමිදුන්කරුවන් සහ පොලීසිය එක්ව තරුණයා සොයා මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.

එහිදී කිමිදුන්කරුවන්ට තරුණයාගේ මළ සිරුර හමුව ඇති අතර සිරුර ගොඩට රැගෙන ඒමෙන් පසු පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා ගාල්ල ජාතික රෝහලේ මෘත ශරීරාගාරය වෙත රැගෙන යන ලදී.

ගාල්ල පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

සංචාරය කරන්න ලොව හොඳම දුපත් වලින් පළමු තැන ලංකාවට

සංචාරය කරන්න ලොව හොඳම දුපත් වලින් පළමු තැන ලංකාවට