යුද්ධය එන්න එන්න දරුණු වේ - සතුරු ඉලක්ක 15,000කට ඇමරිකාවෙන් ප්‍රහාර
අමෙරිකා එක්සත් ජනපදය පෙබරවාරි මස 28 වෙනිදා සිට මේ දක්වා සතුරු ඉලක්ක 15,000කට වඩා ප්‍රහාර එල්ල කර ඇති බව ප්‍රකාශ කරයි.
එරට ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් සඳහන් කරන පරිදි, දිනකට ඉලක්ක 1000කට වඩා වැඩි ප්‍රමාණයක් සපුරාගෙන ඇති බව වාර්තා වේ.
ඒ අනුව අමෙරිකා - ඊශ්‍රායලය ප්‍රහාර හේතුවෙන් ඉරාන හමුදාව මේ වනවිට දුර්වලවී ඇති බව ද ඔහු ප්‍රකාශ කර තිබේ. ඉරානයට ගුවන් සහ නාවික හමුදා නොමැති බවට පීට් හෙග්සෙත් ප්‍රකාශ කළ බව විදෙස් මාධ්‍ය වාර්තා ප්‍රකාශ කරයි.
ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ ඉරානයේ මිසයිල ප්‍රමාණය සියයට 90කින් ද ඒකපාර්ශ්වික ප්‍රහාරක ඩ්‍රෝන යානා ප්‍රමාණය සියයට 95කින් ද අඩුවී ඇති බවයි.