ලංකාවේ මුහුදු කකුළුවන්ට අමෙරිකාවෙන් 'ග්‍රීන් ලයිට්'

Report

අමෙරිකා එක්සත් ජනපදයට මත්ස්‍ය නිෂ්පාදන අපනයනය කිරීම සඳහා පනවා තිබූ බාධා ඉවත් වී ඇති අතර, ශ්‍රී ලංකාවේ මුහුදු කකුළුවන් අපනයනය සඳහා අමෙරිකානු රජයේ අදාළ ආයතනයෙන් නිල අනුමැතිය හිමිව ඇති බව ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යාංශය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යාංශය සඳහන් කළේ, අමෙරිකාවට මත්ස්‍ය නිෂ්පාදන අපනයනය කිරීමේදී “සාගර ක්ෂීරපායින් ආරක්ෂා කිරීමේ පනත” යටතේ පනවා තිබූ දැඩි කොන්දේසි සපුරාලීමට ශ්‍රී ලංකාව සමත් වී ඇති බවය.

ඒ අනුව අමෙරිකා එක්සත් ජනපද වාණිජ දෙපාර්තමේන්තුව යටතේ ක්‍රියාත්මක National Oceanic and Atmospheric Administration (NOAA) ආයතනය විසින් ශ්‍රී ලංකාවේ මුහුදු කකුළුවන් ඇල්ලීමේ ක්‍රියාවලිය සහ ඒ ආශ්‍රිත නියාමන ක්‍රමවේද ඇමරිකානු ප්‍රමිතීන්ට අනුකූල බව තහවුරු කර ඇති බවද දැනුම් දී ඇත.

ඩොලර් සිහිනය බොඳ වෙයිද? සංචාරක ආදායම සීඝ්‍රයෙන් පහත වැටුණු අලුත්ම වාර්තාව මෙන්න

ඩොලර් සිහිනය බොඳ වෙයිද? සංචාරක ආදායම සීඝ්‍රයෙන් පහත වැටුණු අලුත්ම වාර්තාව මෙන්න

2025 නොවැම්බර් මාසයේ අමෙරිකානු අධිකරණ තීන්දුවක් හේතුවෙන් මෙම අපනයන කටයුතු තාවකාලිකව බලපෑමට ලක්වූ නමුත්, National Aquatic Resources Research and Development Agency (NARA) ඇතුළු අදාළ ආයතන විසින් ඉදිරිපත් කළ විද්‍යාත්මක දත්ත හා කරුණු සැලකිල්ලට ගනිමින් NOAA ආයතනය යළි සමාලෝචනයෙන් පසුව මෙම අනුමැතිය ලබා දී ඇත.

මෙම අනුමැතිය අනුව, ශ්‍රී ලංකාවට අමෙරිකාවට මත්ස්‍ය නිෂ්පාදන අපනයනය කිරීම සඳහා අවශ්‍ය “ප්‍රමිති අනුකූලතා සහතිකය” (Comparability Finding) හිමිවී ඇති අතර, එය 2029 දෙසැම්බර් 31 දක්වා වලංගු වේ.

ගිනි ගණන් වූ විදුලිය අස්සේ ජල බිලෙත් සංශෝධනයක්? තීරණය ජූනි 30

ගිනි ගණන් වූ විදුලිය අස්සේ ජල බිලෙත් සංශෝධනයක්? තීරණය ජූනි 30

මෙම කාලසීමාව තුළ ශ්‍රී ලංකාවේ මුහුදු කකුළුවන් ඇතුළු මත්ස්‍ය නිෂ්පාදන අපනයනය බාධාවකින් තොරව සිදු කළ හැකි බවද අමාත්‍යාංශය සඳහන් කරයි. එමෙන්ම ඩොල්ෆින්, තල්මසුන් වැනි සාගර ක්ෂීරපායින්ට හානි නොවන පරිදි ක්‍රියාත්මක වන පරිසර හිතකාමී ධීවර ක්‍රමවේද ජාත්‍යන්තරවද පිළිගැනීමට ලක්ව ඇති බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

මෙම තීරණය මෙරට ධීවර ප්‍රජාවේ ආර්ථිකය ශක්තිමත් කිරීමටත්, විදේශ විනිමය ඉපැයීම් ඉහළ නැංවීමටත් වැදගත් දායකත්වයක් ලබාදෙනු ඇති බව අමාත්‍යාංශය පෙන්වා දෙයි.

පෞද්ගලික අංශයටත් යුරියා බෙදන්න අවසර

පෞද්ගලික අංශයටත් යුරියා බෙදන්න අවසර