ඩොලර් සිහිනය බොඳ වෙයිද? සංචාරක ආදායම සීඝ්රයෙන් පහත වැටුණු අලුත්ම වාර්තාව මෙන්න
By R.rishma
2026 වසරේ පළමු මාස හතර තුළ ශ්‍රී ලංකාවේ සංචාරක ඉපයීම් සහ විදෙස් සංචාරක පැමිණීම් දෙකම පහත වැටී ඇති බව නවතම දත්ත අනාවරණය කරයි.
ඒ අනුව, එම කාලසීමාව තුළ මෙරටට ලැබුණු සංචාරක ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 954ක් දක්වා සියයට 15කින් පහත වැටී ඇති බව වාර්තා වේ.
එමෙන්ම, එම කාලය තුළ ශ්‍රී ලංකාවට පැමිණි විදෙස් සංචාරකයන් සංඛ්‍යාව 876,277ක් දක්වා සියයට 2.3කින් අඩුවී ඇති බවද දත්ත සඳහන් කරයි.
සංචාරක ක්ෂේත්රයේ මෙම පහළ යාම රටේ ආර්ථිකයට සෘජු බලපෑම් ඇති කළ හැකි බවද ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති.