යුද්ධේ එන්න එන්නම ලොකු වෙනවා - බ්‍රිතාන්‍යත් එක්වෙයි - ඇමරිකාවෙන් හදිසියේම ගුවන් යානා දෙකක් යවයි
විදෙස් මාධය පවසන්නේ ඉරානයට එරෙහි ආරක්ෂක මෙහෙයුම් සඳහා සහභාගී වන අමෙරිකානු ගුවන් හමුදාවට අයත් දැවැන්ත භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානා දෙකක් බ්‍රිතාන්‍යයේ ගුවන් කඳවුරක් වෙත ළඟා වී ඇති බවයි.
අමෙරිකානු ගුවන් හමුදාවට අයත් Boeing C-17A Globemaster සහ Lockheed C-5 Galaxy යන යානා මෙලෙස බ්‍රිතාන්‍යයේ ෆෙයාර්ෆෝර්ඩ් 'RAF Fairford' කඳවුර වෙත පැමිණ තිබේ.
මෙම ගුවන් යානා පැමිණීමත් සමඟම බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය කියර් ස්ටාර්මර් සහ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර දුරකථන සාකච්ඡාවක් ද පවත්වා ඇති බව වාර්තා වේ.
ඒ අනුව හමුදා භටයින්, සන්නද්ධ වාහන සහ අවි ආයුධ ඕනෑම ප්‍රදේශයකට ප්‍රවාහනය කළ හැකි යානයක් වන Boeing C-17A හා ලොව පවතින විශාලතම හමුදා ගුවන් යානා වලින් එකක් වන අතිවිශාල බරක් සහිත හමුදා උපකරණ රැගෙන යා හැකි Lockheed C-5 Galaxy යන ගුවන් යානා දෙක බ්‍රිතාන්‍යයට පැමිණි ඇත.