ඇමරිකා යන්න ඉන්න අයට සුභ ආරංචියක් - වීසා බලපත්‍ර ඉහළ නිපුණතා සහිත ශ්‍රමිකයන්ට විශේෂයි

Report

ඇමෙරිකාවේ දෙවන ෆෙඩරල් විනිසුරුවරයා විසින්, විදේශීය ඉහළ නිපුණතා සහිත ශ්‍රමිකයන් සඳහා නිකුත් කෙරෙන නව H-1B වීසා බලපත්‍ර වෙනුවෙන් ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පනවන ලද ඩොලර් 100,000 ක ගාස්තුව අත්හිටුවීමට තීන්දුවක් ලබා දී ඇත.

අදාළ ගාස්තුව ක්‍රියාත්මක කිරීමට පෙර ඇමෙරිකානු ප්‍රජා අයිතිවාසිකම් සහ ආගමන සේවා හා රාජ්‍ය දෙපාර්තමේන්තුව අනුගමනය කළ යුතු නෛතික රෙගුලාසි සහ ක්‍රියාපටිපාටිය නිසි ලෙස අනුගමනය කර නොමැති බව කැලිෆෝනියාවේ ඕක්ලන්ඩ් හි ෆෙඩරල් විනිසුරු හේවුඩ් ගිලියම් ලබාදුන් නියෝගයක දැක්වෙයි.

ඊශ්‍රායලයේ රැකියා සඳහා ගුවන් ටිකට්පත් රජයෙන් - හෝටල් රැකියා ඇතුළු රැකියා රැසකට

ඊශ්‍රායලයේ රැකියා සඳහා ගුවන් ටිකට්පත් රජයෙන් - හෝටල් රැකියා ඇතුළු රැකියා රැසකට

ඒ අනුව වෘත්තීය සමිති, රාජ්‍ය නොවන සංවිධාන සහ පෞද්ගලික අංශයේ සේවා යෝජකයන් එක්ව ගොනුකර තිබූ නඩුවකට අදාළව මෙම අතුරු තහනම් නියෝගය නිකුත් කර ඇති අතර මීට පෙර පසුගිය ජූනි මාසයේදීද බෝස්ටන් හි ෆෙඩරල් අධිකරණයක් විසින් මෙම ගාස්තු අය කිරීම තාවකාලිකව අත්හිටුවීමට නියෝග කළ අතර, ජූලි මාසයේදී අභියාචනාධිකරණය විසින්ද එම නියෝගය තහවුරු කර ඇත.

ජපන් ගිහිල්ලත් ඉවරයි - ජපානයේ ඉන්න විදේශිකයන්ට නරක ආරංචියක් - මේ ගාස්තු 20 ගුණයකින් ඉහළට

ජපන් ගිහිල්ලත් ඉවරයි - ජපානයේ ඉන්න විදේශිකයන්ට නරක ආරංචියක් - මේ ගාස්තු 20 ගුණයකින් ඉහළට

ට්‍රම්ප් පාලන සමයේ පැනවූ මෙම ඩොලර් 100,000ක වීසා ගාස්තුව සැප්තැම්බර් 21 වැනිදායින් අවසන් වීමට නියමිතව තිබූ නමුත් ජනාධිපති ට්‍රම්ප් විසින් එය තවත් වසරකින් දීර්ඝ කිරීමට පියවර ගෙන ඇත.

එමෙන්ම විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ඇමෙරිකානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව (DHS) මගින් ඩොලර් 103,000 ක ස්ථිර ගාස්තුවක් පැනවීමට නීති සකස් කරමින් සිටින අතර එයද ඉදිරියේදී අධිකරණයේ අභියෝගයට ලක්වීමට නියමිත බවයි.

මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහළට

මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහළට