ජපන් ගිහිල්ලත් ඉවරයි - ජපානයේ ඉන්න විදේශිකයන්ට නරක ආරංචියක් - මේ ගාස්තු 20 ගුණයකින් ඉහළට

Report

ජපානය තුළ පදිංචි වීමට අපේක්ෂා කරන විදේශිකයන් සඳහා ගාස්තු ඉහළ නංවා තිබෙනවා. එය අද සිට ක්‍රියාත්මක වන බව වාර්තා වේ.

ඒ අනුව මීට පෙර යෙන් 10,000 ව පැවති ස්ථිර පදිංචි ගාස්තුව පිරිවැය 20 ගුණයකින් ඉහළ ගොස් යෙන් ලක්ෂ 2 දක්වා (ඩොලර් 1,270; පවුම් 955) ඉහළ ගොස් ඇති බව සඳහන්.

එසේම මීට පෙර ස්ථාවරව පැවති යෙන් 6000 ක් වූ ගාස්තුව වෙනුවට අලුතින් ලබා දෙන වීසා කාලසීමාව අනුව ගාස්තු අය කිරීමටත් තීරණය කර ඇත.

තවද ස්ථිර පදිංචිය අපේක්ෂා කරන අය දැන් නව ආදායම්, විශ්‍රාම වැටුප් සහ ජපන් භාෂා අවශ්‍යතා ද සපුරාලිය යුතු වෙයි.

ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදී IOC ඉන්ධන මිලත් ඉහළට - නවතම මිල ගණන් මෙන්න

ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදී IOC ඉන්ධන මිලත් ඉහළට - නවතම මිල ගණන් මෙන්න

මේ අතර ටෝකියෝවේ ප්‍රධාන ආගමන කාර්යාංශය වාර්තා කළේ පැය හතකට වඩා වැඩි කාලයක් රැඳී සිටීමේ කාලය වාර්තා කරමින්, ගාස්තු ඉහළ දැමීම් ජය ගැනීමට අයදුම්කරුවන් උත්සාහ කිරීමත් සමඟ මෙම සතිය මුලදී ආගමන කාර්යාල ඉදිරිපිට දිගු පෝලිම් ඇති වූ බවයි.

ඒ අනුව මෙම ගාස්තු වැඩිවීම්, අගමැතිනි සානේ ටකයිචි යටතේ ජපානයේ ආගමන ප්‍රතිපත්තියේ සිදු කරන ලද වෙනස්කම් මාලාවක කොටසක් වන අතර එහි අරමුණ වේගයෙන් වර්ධනය වන විදේශීය ජනගහනය කළමනාකරණය කිරීමයි.

මේ අතර ජූලි මාසයේදී ජපානය සියලුම විදේශිකයන්ට වීසා ගාස්තු පස් ගුණයකින් වැඩි කිරීමක් ක්‍රියාත්මක කළ අතර එය වසර 50 කට පසු පළමු වරට වීසා ගාස්තු වැඩිවීමක් ලෙස වාර්තා විය.

ඒ අනුව බලධාරීන් සඳහන් කළේ මෙය "උද්ධමනය සහ විනිමය අනුපාත උච්චාවචනයන් පිළිබිඹු කිරීම"ට අදහස් කළ බවයි.

අද සිට මේ නීතිය ක්‍රියාත්මකයි - උදෑසන 6 - 9 සහ පස්වරු 4 - 7 අතර මේ නීතිය කැඩුවොත් වැඩ වරදින බව දන්වයි

අද සිට මේ නීතිය ක්‍රියාත්මකයි - උදෑසන 6 - 9 සහ පස්වරු 4 - 7 අතර මේ නීතිය කැඩුවොත් වැඩ වරදින බව දන්වයි

කෙසේ වෙතත් ජපානයේ සංක්‍රමණ දේශපාලනික වශයෙන් සංවේදී සහ සීමාකාරී ලෙස පැවතුනද, රටේ වයස්ගත ජනගහනය ශ්‍රම හිඟය පියවා ගැනීමට විදේශීය ශ්‍රමිකයන් මත වැඩි වැඩියෙන් යැපෙමින් සිටින අතර ඉකුත් 2025 වසර අවසානයේ ජපානයේ විදේශීය නේවාසික ජනගහනය මිලියන 4.12 ඉක්මවා ගොස් ඇත.

එය පෙර වසරට වඩා වාර්තාගත 9.5% ක වැඩිවීමක් ලෙස සඳහන්. එබැවින් මෙය සංක්‍රමණ සහ සමාජ වෙනස්කම් පිළිබඳ කනස්සල්ල වැඩි වීමට හේතු වී ඇති අතර ඉකුත් වසරේ ඔක්තෝම්බර් මාසයේදී බලයට පත්වූ දා සිට ටකයිචි ආගමන කළමනාකරණය ඇගේ ප්‍රධාන ප්‍රමුඛතාවයක් බවට පත් කර ගෙන තිබෙන බව වාර්තා වේ.

WhatsApp අලුත් වෙයි - WhatsApp භාවිතා කරන්නන්ට සුභ ආරංචියක්

WhatsApp අලුත් වෙයි - WhatsApp භාවිතා කරන්නන්ට සුභ ආරංචියක්