ගුවන් ගමන් 1,400ක් අවලංගු වෙයි
අමෙරිකානු සෙනෙට් සභාවේදී අවශ්‍ය අරමුදල් ලබා දීමේ පනත් කෙට්ම්පත් සම්මත නොවීම හේතුවෙන් එක්සත් ජනපදය තුළ හටගෙන ඇති අර්බුද තවත් උග්‍ර වෙමින් පවති.
එහි ප්‍රතිඵලයක් ලෙස ෆෙඩරල් රජය වසා දැමීමත් සමග ගමනාගමනය කපා හරින ලෙස ගුවන් සමාගම්වලට දැනුම් දීමෙන් පසු එක්සත් ජනපදයට යාම් සහ ඒම් ඇතුළත් ගුවන් ගමන් 1,400කට වැඩි ප්‍රමාණයක් අවලංගු වී ඇත. ගුවන් ගමන් නිරීක්ෂක FlightAware ආයතනයට අනුව පසුගිය සිකුරාදා දිනයේදී ගුවන් ගමන් 7,000කට වඩා ප්‍රමාදයක් සිදුව ඇත.
අමෙරිකානු පාර්ලිමේන්තුවේ මූල්‍ය පනත් කෙටුම්පතට අවසර නොලැබීම හේතුවෙන්, රජයේ අංශවලට අරමුදල් වෙන් කිරීමට නොහැකි වී ඇති අතර, එදිනෙදා වැඩ කටයුතුද මේ වන විට ඇනහිට තිබෙන බවත් ගුවන් ගමනාගමන පාලන ආරක්ෂක ගැටලු හේතුවෙන් පසුගිය සිකුරාදා සිට ප්‍රධාන ගුවන්තොටුපොළ 40ක දෛනික ගුවන් ගමන්වලින් 4%ක් කපා හැරීමට ෆෙඩරල් ගුවන් සේවා පරිපාලනය ගුවන් සමාගම්වලට උපදෙස් ලබා දී තිබුණු බවත් වාර්තා වේ. ඉන් අනතුරුව මෙම වසා දැමීම හේතුවෙන් ගුවන් ගමනාගමන පාලකවරුන්ගේ හිඟයක් ඇති වූ අතර සති ගණනාවක් පුරා ඔවුන්ට සිය වැටුප් පවා නොලැබී ඇත.
මේ තත්ත්වය තුල ෆෙඩරල් ගුවන් සේවා පරිපාලනය නිවේදනය කලේ එක්සත් ජනපදයයේ ගුවන් මගීන් දැඩි දුශ්කරතාවකට පත්ව ඇති අතර මේ වන විට එරට කාර්යබහුලම ගුවන් තොටුපළවල් 40ක ගුවන් ගමන් ධාරිතාව 10% දක්වා අඩු කරන බවයි.
ෆෙඩරල් ගුවන් සේවා පරිපාලනය වාර්තා කර ඇත්තේ ප්‍රධාන ගුවන් ගමනාගමන පාලන කාර්ය මණ්ඩල ගැටලු, ගුවන් තොටුපොළ කුලුනු 37කට සහ අනෙකුත් මධ්‍යස්ථානවලට මෙම තත්ත්වය බලපා ඇති බවත් අවම වශයෙන් එක්සත් ජනපද නගර 12ක ගුවන් ගමන් මේ වන විටත් ප්‍රමාද වී ඇති බවත්ය. ගුවන් ගමනාගමන පාලන ආරක්ෂක ගැටලු හේතුවෙන් සිකුරාදා සිට ප්‍රධාන ගුවන්තොටුපොළ 40ක දෛනික ගුවන් ගමන්වලින් 4%ක් කපා හැරීමට ෆෙඩරල් ගුවන් සේවා පරිපාලනය ගුවන් සමාගම්වලට උපදෙස් ලබා දී ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා හී සඳහන් ව තිබේ.
මේ අතර ෆෙඩරල් ගුවන් සේවා පරිපාලනය පවසා ඇත්තේ පසුගිය දින කිහිපය තුළ ගුවන් ගමන් පාලකයින් 20% සිට 40%ක් දක්වා සේවය සඳහා නොපැමිණ ඇති බවය. එමෙන්ම ෆෙඩරල් ගුවන් සේවා පරිපාලකවරයා සඳහන් කර ඇත්තේ රට පුරා ඉහළ බලපෑමක් ඇති කළ හැකි ගුවන් තොටුපොළවල් 40ක ගුවන් ගමන්වලින් 10%ක් කපා හරින බවත් රජයේ වසා දැමීම දිගු වුවහොත් එය 20% දක්වා ඉහළ යනු ඇති බවත්ය.
වාර්තාගත දින 39ක රජයේ අක්‍රීයතාවය අතරතුර ගුවන් ගමනාගමන පාලකවරුන් 13,000ක් සහ ආරක්ෂක පරීක්ෂකවරුන් 50,000ක් වැටුප් නොමැතිව වැඩ කිරීමට බල කර ඇති බවත් වාර්තා විය. මේ අතර අඩු කාර්ය මණ්ඩල සංඛ්‍යාවක් වැටුප් නොලබා දිගටම රැකියාවට පැමිණීමට බල කෙරුණු තත්ත්වය මත ඉදිරියේදී බොහෝ සේවකයින් ප්‍රමාණයක් ලෙඩ නිවාඩු වාර්තා කර ඇති බවත් මේ වන විට වාර්තා වී තිබේ.