මහජන බැංකුවෙන් ජනතාවට විශේෂ නිවේදනයක් - බැංකු ගිණුම විවෘත කිරීම හා ණය කාඩ්පත් ලබාගැනීම සම්බන්ධයෙන්

Report

2026 ඔක්තෝබර් 31 දිනට පෙර ඔබේ TIN සහතිකයේ පිටපතක් ළඟම ඇති මහජන බැංකු ශාඛාවට ගෙනවිත් භාර දෙන්න යනුවෙන් දන්වමින් මහජන බැංකුව මීට පෙර නිවේදනයක් නිකුත් කර තිබුණි.

ඒ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නවතම චක්‍රලේඛයට අනුව, බැංකු ගනුදෙනු කිහිපයක් සඳහා වලංගු බදු ගෙවන්නා හඳුනාගැනීමේ අංක සහතිකය (TIN Certificate) ඉදිරිපත් කිරීම අනිවාර්ය වන බව පැවසීමත් සමඟය.

රට පුරා වාහන ආදායම් බලපත්‍ර ලබා ගැනීම සඳහා - හෙට සිට ක්‍රියාත්මක වන විශේෂ නීතිය මෙන්න

රට පුරා වාහන ආදායම් බලපත්‍ර ලබා ගැනීම සඳහා - හෙට සිට ක්‍රියාත්මක වන විශේෂ නීතිය මෙන්න

ඒ අනුව, බැංකු ගිණුමක් විවෘත කිරීමේදී සහ ණය කාඩ්පතක් (Credit Card) සඳහා අයදුම් කිරීමේදී මෙම TIN සහතිකය ඉදිරිපත් කළ යුතු වේ. මෙම නව රෙගුලාසි අද (1) වැනිදා සිට ක්‍රියාත්මක වන බව මහජන බැංකුව සිය ගනුදෙනුකාර භවතුන් වෙත දැනුම් දී ඇත.

එබැවින් අද (01) සිට ගිණුම් විවෘත කිරීමට සහ ක්‍රෙඩිට් කාඩ්පත් සඳහා අයදුම් කිරීමට ටින් සහතිකයන් ඉදිරිපත් කිරීම අනිවාර්ය වේ.   

ජාතික හැඳුනුම්පත් සහ රියැදුරු බලපත්‍ර ගැන නිවේදනයක් - ලාංකිකයන්ට හා රියදුරන්ට දැනුම්දීමක්

ජාතික හැඳුනුම්පත් සහ රියැදුරු බලපත්‍ර ගැන නිවේදනයක් - ලාංකිකයන්ට හා රියදුරන්ට දැනුම්දීමක්

GalleryGallery